බේක් කරන ලද කුකූලු මස්

September 20, 2021
3,711
Baked chicken thighs
රාත්‍රී කෑම මේසයට වෙනසක් කිරීමට ඔබට ගත වන්නේ පැයක පමණ කාලයක්.. රසවත් කුළුබඩු එක්කෙරූ මෙම වට්ටෝරුව ඔබට කැමති ආකාරයට වෙනස් කර විවිධ අත් හදා බැලීම් කිරීමටත් ඔබට හැකියි..

අවශ්‍ය ද්‍රව්‍ය :
සම සහිත කුකුලු මස් තයිස් (thighs) 8ක්
ඔලිව් තෙල්
ලෙමන් හෝ දෙහි යුෂ
චොප් කරගත් සුදු ලූණු තේ හැඳි 2
ඉතාලි සීසනින් (ඔරිගානො,තයිම්, බැසිල් තේ හැඳි 1, රෝස්මරි, මාජරම් තේ හැඳි 1/2 බැගින් එකට මිශ්‍ර කරගන්න)
මිරිස් කුඩු මේස හැඳි 2ක් හෝ ඔබේ රස පදම අනුව අඩු වැඩි කරගන්න
ලුණු සහ ගම්මිරිස් රස අනුව

සකස් කරගන්නා ආකාරය :
- අවන් එක 400F/204C උෂ්ණත්වයට ප්‍රී හීට් කරන්න.
- බේක් කිරීමට භාව්තා කරනු ලබන තැටිය ගෙන එහි ඇලුමිනියම් ෆොයිල් කොලයක් අතුරන්න. බේකින් වයර් රැක් එකක් තැටිය මත තබන්න.
- දැන් බදුණක් ගෙන සියළු කුලුබඩු සහ තෙල් එක්කරන්න. හොඳින් මිශ්‍ර කරන්න.
- තෙත ගතිය නැතිවන තෙක් හොදින් පිසදා ගත් කුකුලු මස් කැබලි කුළුබඩු මිශ්‍රණයට දමන්න.. හොඳින් කුළුබඩු ආලේප වනසේ කලවම් කරන්න.
- සීසන් වීමට මද වේලාවක් තබන්න.
- දැන් කුකුළුමස් ටික ලුණු ගම්මිරිස් වලින් සීසන් කරගන්න. කුකුළුමස් වල ස්කින් එක පැත්ත උඩට සිටින සේ වයර් රැක් එකේ කුකුළු මස් ටික අතුරන්න.
- විනාඩි 35ත් 45ත් අතර කාලයක් දුඹුරු පැහැවන තෙක් බේක් කරන්න.
- ලෙමන් හෝ දෙහි පෙති සමග උණුවෙන් සංග්‍රහ කරන්න.


රසවත් බව වැඩි කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න.
- කුකුළු මස් කැබලි සමාන කැබලි වලට කපා ගන්න.
- කුළුබඩු තැවරීමට පෙර කුකුළු මස් කැබලි හොඳින් පිසදමා තෙතමනය ඉවත් කරන්න.
- දුම කරගැනීමට චිකන් ටික වයර් රැක් එක වෙනුවට කැරට් අර්තාපල් කපා ඒ මත තබන්න පුලුවන්. සංග්‍රහ කිරීමේදි බේක් කරන ලද අර්තාපල් එක්කර ගැනීමෙන් වඩාත් රසවත් බවක් එක්කර ගත හැකියි.
- උෂ්ණත්වය පිළිබද සැලකිලිමත් වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2066 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:19:11 PM
Script:/article/2066/baked-chicken-thighs.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:19:11 PM
Script:/article/2066/baked-chicken-thighs.html