හැමෝම ගෙදර ඉඳන් බත් හදනවා ඇති. හැමදාම එකම විදියට කාලාත් එපා වෙලා වෙන්න පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට ඔයාගේ ගෙදර ඉඳලාම වෙනස්ම ක්‍රමයට චිකන් මොන්ගෝලියන් රයිස් පහසුවෙන් සකස් කර ගන්න හැටි කියලා දෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය :
බත් - 250g 
කටු සහ හම රහිත කුකුල් මස් -75g 
කැරට් -25g 
ලීක්ස් -25g 
ගෝවා -25g 
කංකුන් -25g 
කපා ගත් රතු ළූණු තේ හැඳි -1
කපා ගත් සුදු ළූණු තේ හැඳි -1
පොඩි කර ගත්  ඉඟුරු තේ හැඳි -1
සෝයා සෝස්  තේ හැඳි -1
ෆිෂ් සෝස් තේ හැඳි -1
චිලි පේස්ට් තේ හැඳි -1
බිත්තර -1
ලුණු පදමට 
ගම්මිරිස් පදමට 
සාදන ක්‍රමය :
01. තරමක් ලොකු භාජනයක් ලිපේ තබා තෙල් ස්වල්පයක් දමා රත් වෙන්න තබන්න.
02. රත් වු තෙල් එකට ඉඟුරු, රතු ළූණු, සුදු ළූණු දමා තෙම්පරාදු කර ගන්න.
03. එයට කුකුල් මස් එකතු කර විනාඩි 5 ක් බැද ගන්න.
04. එයටම චිලි පේස්ට්, සෝයා සෝස්, ෆිෂ් සෝස් එකතු කර ගන්න.
05. කැරට් ලීක්ස් ගෝවාද එකතු කර ටික වෙලාවකින් පසු බත් සහ කංකුන් එකතු කර රස අනුව ලුණු සහ ගම්මිරිස් මිශ්‍ර කරන්න.