ලෙඩ ගොඩකට ගුණ දෙන සුදුළුණු අච්චාරු

March 2, 2018
9,674
Garlic Pickle Recipe
සුදුළුණු කියන්නේ ලෙඩ ගොඩකට ගුණ දෙන කෑමක් කියලා කවුරුත් දන්නවා. විශේෂයෙන් හෘද රෝගීන්ට සුදුළුණු ගොඩාක් ගුණදායකයි. ඉතින් මේ සුදුළුණු අච්චාරුව රෝගී, නිරෝගී කොයි කාගේත් ආහාර වේලට වැඩි රසයක් ගෙන දෙන බව අපිට විශ්වාසයි. ඕන කරන කළමනා ටික සූදානම් කරගත්තට පස්සේ විනාඩි 25ක විතර කාලයක් තුළ සකස් කරගන්න පුළුවන් මේ සුදුළුණු අච්චාරුව 20 දෙනෙකුට පමණ සෑහෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය :

සුදුළුණු (පොතු ගලවාගත්) ග්‍රෑම් 500
මී පැණි හෝ කිතුල් පැණි මිලි ලීටර් 60
අබ කුඩු ග්‍රෑම් 50
ගම්මිරිස් කුඩු ග්‍රෑම් 15
වතුර අඬු කෝප්ප 1
ලුණු රස පදමට
කහ කුඩු ග්‍රෑම් 5
විනාකිරි මිලි ලීටර් 150

සාදන ආකාරය :

1. බඳුනකට වතුර, ලුණු, කහ සහ විනාකිරි මිලි ලීටර් 100 එක්කර හොඳින් රත් කරගන්න.

2. පසුව එයට සුදුළුණු දමා බාගෙට තම්බා ගන්න.

3. එසේ විනාඩි 15ක් පමණ තම්බාගෙන ලිපෙන් බා ගන්න.

4. දැන් වියළි මැටි හට්ටියක් සහ පොල් කටු හැන්දක් හෝ ලී හැන්දක් සූදානම් කරගන්න.

5. මැටි හට්ටියට පැණි, අබ, ගම්මිරිස් සහ ඉතිරි විනාකිරි දමා මිශ්‍ර කරගන්න.

6. එයටම ලුණු සහ සුදුළුණු දමා හොඳින් මිශ්‍ර කරගන්න.

7. පැය 24ක් පමණ බඳුන හොඳින් වසා තබා පසුව කෑමට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 685 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:25:11 PM
Script:/article/685/garlic-pickle-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:25:11 PM
Script:/article/685/garlic-pickle-recipe.html