අමු පැපොල් මැල්ලුමක් සාදා ගන්නේ මෙහෙමයි
අවශ්‍ය දේ :
අමු පැපොල් ගෙඩියක්
සූදුරු තේ හැඳි 1/2
ගම්මිරිස් ඇට තේ හැන්දක්
සුදුළූණු බික් පහක්
අමු මිරිස් කරල් 5ක්
රතුළූණු ගෙඩි තුන හතරක්
රම්පෙ, කරපිංචා
කහ ස්වලපයක්
ලුණු
අබ ඇට කීපයක්
පොල් මිටක් පමණ
තෙල්
සාදන අන්දම :
01. පැපොල් ගෙඩිය පෙති කපා කහ, රතුළූණු, රම්පෙ, කරපිංචා අමුමිරිස් සහ ලුණු දමා තම්බා ගන්න.
02. සුදුළූණු, සූදුරු, ගම්මිරිස් සමග පොල් අඹරා ගන්න.
03. තැම්බීගෙන එන පැපොල් මත අඹරා ගත් පොල් තබන්න.
04. පොල් වෙතින් දුම් නගින විට එය හොඳින් කූරු ගාන්න.
05. තෙල් ලිප තබා එයට අබ පුපුරවා පැපොල් තෙම්පරාදු කර ගන්න.