පිසා ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුලුවන්. ගෘහනියන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ පීසා ක්‍රස්ට් එක කොහොමද හදාගන්නේ කියන එක. පහසුවෙන් සහ රසවත්ව පීසා ක්‍රස්ට් එක හදන හැටි අද ඉගෙන ගනිමු.
අවශ්‍ය ද්‍රව්‍ය :
යීස්ට් තේ හැඳි 2 1/4
පාන් පිටි කෝප්ප 3 1/2 (ග්‍රෑම් 440)
උණුසුම් වතුර (සෙල්සියස් අංශක 38-42 අතර )
සිහින්ව ග්‍රයින්ඩ් කරගත් සීනි මේස හැඳි 1
ඔලිව් තෙල් මේස හැඳි 2
සාදන ආකාරය :
01. මුලින්ම ලොකු බෝල් එකක යීස්ට්, වතුර සහ සීනි කලවම් කර, වසා තබා විනාඩි 5ක් පමණ පිපෙන්න හරින්න.
02. දැන් එයට ඔලිව් තෙල්, ලුණු සහ පිටි එකතු කර හොඳින් කලවම් කරන්න.
03. මේසය මතට පිටි ඉස හොඳින් කලවම් වූ පිටි ගුලිය දමා හොඳින් විනාඩි 3-4ක් අත්ලෙන් හොඳින් අනා ගන්න. මෙසේ විනාඩි 3-4ක් අනා පිටි ගුලියට ඇඟිල්ලෙන් ඇන බලන්න. එතැන ආපසු උඩට එනවා නම් පිටි ගුලිය පිපෙන්න හරින්න ලෑස්තියි. එසේ උඩට එන්නේ නැති නම් තව ටිකක් අනා නැවතත් ඇඟිල්ලෙන් ඇන බලන්න.
04. පිටි ගුලිය ලෑස්ති නම් බෝල් එකේ සහ පිටි ගුලියේ හොඳින් තෙල් ටිකක් ගාලා පැය 1- 1 1/2ක් උණුසුම් තැනක, ෆොයිල්, ප්ලාස්ටික් ව්‍රැප් හෝ කිචන් ටවල් එකකින් වසා පිපෙන්න හරින්න.
05. දැන් ඩෝ එක කැබලි වලට කඩාගෙන ඔබ කැමති ටොපින් එකක් එක්ක පීසා සෑදිය හැකියි.