රස ගුණ සමග කුස පුරවන පාස්ටා සැලඩ් 2ක්

August 13, 2020
2,542
2 veg and non-veg pasta salds
පාස්ටා සැලඩ් එකක් රස ගුණ වගේම බඩ පිරෙන්න ලේසියෙන් හදා ගන්න පුලුවන් ආහාර වේලක්

Vegetarian පාසටා සැලඩ් එකක් ;

අවශ්‍ය ද්‍රව්‍ය :

පාස්ටා කෝප්ප 2
බඩ ඉරිඟු ඇට කෝප්ප 2 1/2
කොටු කපාගත් රතු බෙල් පෙපර් 1ක්
පෙති කපාගත් සාමාන්‍ය තරමේ ලූණු ගෙඩි 1ක්
කැමැත්ත අනුව අමු මිරිස් හෝ හලපීනියෝ 2ක්

පාස්ටා සෝස් එකට :
කැමති යෝගට් වර්ගයකින් කෝප්ප් 1
මැයෝනේස් කෝප්ප 1/4
චෙඩර් චීස් කෝප්ප 1/3
සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 2
මිරිස් කුඩු තේ හැඳි 1
කෑලි මිරිස් තේ හැඳි 1
සිහින්ව තලා ගත් සුදු ලූණු බික් 2
දෙහි ගෙඩියක යුෂ
රස අනුව ලුණු සහ ගම්මිරිස්

සාදන ආකාරය :

01. පාස්ටා ටික සාමාන්‍ය ආකාරයට තම්බා පසෙකින් තබා ගන්න.

02. පාස්ටා ටික තැම්බෙන අතරතුර සෝස් එක සාදා ගනිමු. සෝස් එකට අවශ්‍ය සියළුම කලමනා ටික සමාන්‍ය බෝල් එකකට දමා හොඳින් කලවම් කරගන්න.

03. නිවුණු පාස්ටා ටික ලොකු බෝල් එකකට දමා එයට බඩ ඉරිඟු, අමු මිරිස් හෝ හලපීනියෝ, බෙල් පෙපර් සහ ලූණු එකතු කරන්න.

04. ඒ මතට සාදාගත් සෝස් එක වත්කර කලවම් කරන්න.

05. රස අනුව ලුණු සහ ගම්මිරිස් එකතු කරන්න. රසවිඳින්න.



චිකන් පාස්ටා සැලඩ් එකක් ;

අවශ්‍ය ද්‍රව්‍ය :

ඉහත කළමනා සියල්ලම ඒ ආකාරයටම
ලුණු දමා තම්බා ගත් හෝ රෝස්ට් කළ හෝ බේක් කළ චිකන් බ්‍රෙස්ට් 1ක්

සාදන ආකාරය :

01. ඉහත vegetarian සැලඩ් එකේ ආකාරයටම සියල්ල සකසා ගන්න.

02. චිකන් එක පොඩියට කඩාගෙන vegetarian සැලඩ් එකේ එළවළු එකතු කරන අවස්ථාවටම චිකන් ටිකත් එකතු කර කලවම් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1767 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:04:46 PM
Script:/article/1767/2-veg-and-non-veg-pasta-salds.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:04:47 PM
Script:/article/1767/2-veg-and-non-veg-pasta-salds.html