හැමදාම කන විදිහට වඩා ටිකක් වෙනස් විදිහකට කජු උයමු
අවශ්‍ය ද්‍රව්‍ය
කජු මද 250g
කපා ගත් ලොකු ළූණු 50g
කපා ගත් ලීක්ස් 75g
කපා ගත් මාළු මිරිස් 50g
කපා ගත් තක්කාලි 50g
කපා ගත් වියළි මිරිස් කරල් 3
සෝයා සෝස් තේ හැඳි 1
තක්කාලි සෝස් තේ හැඳි 5
පොඩි කර ගත් ඉඟුරු ස්වල්පයක්
පොඩි කර ගත් සුදු ළූණූ ස්වල්පයක්
සිනි තේ හැඳි 1
කැලි මිරිස් තේ හැඳි 2
ගම්මිරිස් තේ හැඳි 1
ලුණු පදමට
එළවළු තෙල්
සාදන ක්‍රමය
01. තරමක් ලොකු භාජනයක් ගෙන ලිපේ තබා එයට තෙල් දමා රත් කර ගන්න
02. තෙල් හොඳින් රත් වු පසු කජු දමා ගඹුරු තෙලේ බද ගෙන තෙල් බේරා ගන්න
03. භාජනයක් ලිපේ තබා තෙල් මේස හැඳි 2ක් දමා රත් වූ පසු ඉඟුරු සුදු ළූණූ දමා රන් පැහැ වන තෙක් තෙම්පරාදු කරන්න
04. එයට මාළු මිරිස්, ලොකු ළූණු, තක්කාලි, ලීක්ස් එක් කර තෙම්පරාදු කර ගන්න
05. එයටම සිනි, සෝයා සෝස් , තක්කාලි සෝස් සහ ගම්මිරිස් දමා සිනි දිය වෙන තුරු මිශ්‍ර කරන්න
06. බැද ගත් කජු එයට එකතු කර රස අනුව ලුණු දමන්න
07. වියළි මිරිස් කරල් සහ කැලි මිරිස් එකතු කර විනාඩි 2කින් පසු ලිපෙන් බාන්න