එකම විදියට බෝංචි කාලා එපා වෙලා නම් මෙන්න මෙහෙම හදලා බලන්න

April 5, 2017
49,357
Fried Green Beans Recipe
බෝංචි 500g
තෙල් බෝතල් 1/2ක්
තක්කාලි ගෙඩි 1ක්
මිටි කිරි අඩු කෝප්ප 2ක්
ඉගුරු, සුදු ළූණූ paste තේ හැදි 2ක්
අබ ඇට තේ හැදි 1/4ක්
උළුහාල් තේ හැදි 1/4ක්
රතු ළූණූ ගෙඩි 20ක්
අමු මිරිස් කරල් 2ක්
කහ කුඩු තේ හැදි 1/2ක්
මිරිස් කුඩු තේ හැදි 2ක්
තුනපහ තේ හැදි 2ක්
බැදපු තුනපහ තේ හැදි 1ක්
ගම්මිරිස් තේ හැදි 1/2ක්
කරපිංචා ඉත්තක්
රම්පේ කොල කෑල්ලක්
කුරුදු පොතු කෑල්ලක්
කරාඹු නැටි 2ක්
උම්බලකඩ තේ හැදි 1ක්
දෙහි යුෂ ස්වල්පයක්
ලුණූ පදමට

මුලින්ම බෝංචි කරල් නූල් ඉවත් කරගෙන දික් අතට පලාගන්න. (අගල් 3ක් පමන දිග කෑලි) පසුව ගැඹුරු තෙලේ බැදගන්න. කෑල්ලක් කාලම බලන්න බැදිලද කියලා. මොකද බෝංචි රන්වන් පැහැවෙනකල් බැදගන්න කියලා කියන්නත් බැහැනේ. ඉන් පසුව හොදින් තෙල් බේරගන්න.

මීලගට තෙල් මේස හැදි 2ක් පමන මැටි ඇතිලියක දමා රත්වන විට අබ ඇට එක්කරගෙන පුපුරන විට උළුහාල්, ඉගුරු, සුදු ළූණූ, සිහින්ව කපාගත් රතු ළූණූ, කරපිංචා, රම්පේ, කරාබු නැටි, කුරුදු, ලුණු එක්කර හොදින් කවලම්ක රන අතර මිරිස් කරල්, මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු, උම්බලකඩ දමා තෙම්පරාදු වෙන්න හරින්න. මද වේලාවකින් තක්කාලි හා බැදගත්ත බෝංචි දමා කවලම් කරගන්න.

දැන් ගින්දර අඩු කර මිටි කිරි එකතුකර මද ගින්නේ තබන්න. කිරි නටාගෙන එන විට, බැදපු තුනපහ හා ගම්මිරිස් එකතු කර ලිපෙන් ඉවත් කරන්න. අවසානයේ දෙහි යුෂ ස්වල්පයක් එක්කරන්න

non stick pan එකක් උනත් කමක් නැහැ පිස ගැනීමට. නමුත් මැටි වලදේ උයන විට රස වැඩියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 184 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:53:21 PM
Script:/article/184/fried-green-beans-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:53:21 PM
Script:/article/184/fried-green-beans-recipe.html