රොටී කිව්වම ඉතින් පිටියි පොලුයි දාලා හැමදාම හදන රොටියට පොඩි නිවාඩුවක් දීලා, ඕනම කරියක් එක්ක කන්න පුලුවන් ගෝදම්බ රොටී ගෙදරදීම හදලා ආහාර වෙලට පොඩි වෙනසක් කරමු. ගෝදම්බ රොටී හදන්න දන්නව නම් බිත්තර රොටි, එළවළු රොටි, කොත්තු වගේ දේවලුත් ලේසියෙන් හදා ගන්න පුලුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය :
පාන් පිටි 500 g
ලුණු තේ හැඳි 1/2
සීනි තේ හැඳි 1/2
පොල් තෙල් මේස හැඳි 4
බිත්තර 1
මඳ රස්නය වතුර අඬු කෝප්ප 3/4
සාදන ක්‍රමය :
01. පිරිසිදු භාජනයක් ගෙන පාන් පිටි, ලුණු, සීනි, පොල් තෙල්, බිත්තර මිශ්‍ර කර හොඳින් කලවම් කරන්න.
02. මඳ රස්නය වතුර ටිකෙන් ටික එක්කරමින් හොඳින් කලවම් කර මෝලියක් සාදාගන්න.
03. සාදා ගත් මෝලිය විනාඩි 50 ක් පමණ තෙල් තවරා ගත් භාජනයක වසා පසෙකින් තබන්න.
04. පසුව මෝලියේ තෙල් තවරාගෙන පිටි මෝලිය කුඩා කොටස් වලට වෙන් කරගන්න.
05. සාදාගත් බෝල මත තෙල් ස්වල්පයක් බැගින් තවරා විනාඩි 10 ක් පමණ තබන්න.
06. කුඩා පිටි බෝල තෙල් තැවරූ ලෑල්ලක් මත තබා රෝලින් පින් එකකින් තුනී කරන්න.
07. තැටියක් ලිපේ තබා රත්කර තෙල් තවරා තුනී කරගත් රොටිය දෙපැත්ත දමා රන්වන් පැහැ වන තුරු පුළුස්සා ගන්න.