අපි ඉතින් දැල්ලො හදන්ව නම් එක්කො ලූණු එක්ක තෙල් දානවා නැත්තම් බටර් කරනවා. මේ දෙකෙන් පොඩ්ඩක් එහාට ගිහින් මේ ඉන්දියානු ක්‍රමයට දැල්ලො හදලා රස බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය :
දැල්ලෝ ග්‍රෑම් 500 (රවුම් ලෙස කපා ගන්න )
ග්‍රයින්ඩ් කිරීමට :
රතු ලූණු ගෙඩි 20
සුදු ලූණු 6
ඉඟුරු 3cම් පමණ කැබැල්ලක්
මසාලා එකට :
පොල් තෙල් කෝප්ප 1/4
කරපිංචා කොල ඉති 5ක් පමණ
සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 2ක්
කුඩාවට කපාගත් තක්කාලි ගෙඩි 2
මිරිස් කුඩු මේස හැඳි 1
කහ කුඩු තේ හැඳි 1
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
සූදුරු කුඩු තේ හැඳි 1 1/2
බැදපු තුනපහ කුඩු තේ හැඳි 2
දෙහි හෝ ලෙමන් යුෂ තේ හැඳි 1/2ක් පමණ
රස පදමට ලුණු
සාදන ආකාරය :
01. ග්‍රයින්ඩ් කරන අමුද්‍රව්‍ය ටික පේස්ට් එකක් වන තෙක් බ්ලෙන්ඩර් එක ගන්න. වතුර එකතු කරන්න එපා. එය පසෙකින් තබන්න.
02. පෑන් එකක් ගෙන තෙල් රත් වෙන්න තබන්න. තෙල් රත් වීගෙන එන විට බ්ලෙන්ඩ් කරගත් පේස්ට් එක තෙලට එකතු කරන්න. කරපින්චා සහ අමු මිරිස් ටිකත් එකතු කරන්න. රන් වන් පැහැ වනතෙක් පිස ගන්න.
03. දැන් තක්කාලි එකතු කර තලපයක් සේ වන තෙක් විනාඩි 5-6ක් පිස ගන්න.
04. දැන් එයට මිරිස් කුඩු, කොත්තමල්ලි කුඩු, කහ කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
05. දැන් එයට දැල්ලො ටික එකතු කරන්න. තද ගින්දරේ විනාඩි 5ක් එහෙට මෙහෙට පෙරලමින් පිස ගන්න.
06. දැන් එයට තුනපහ කුඩු, සූදුරු කුඩු සහ ගම්මිරිස් එකතු කර තව විනාඩි 5ක් පමණ පිස ගන්න.
07. පෑන් එක ලිපෙන් ඉවතට ගෙන දෙහි හෝ ලෙමන් සහ පදමට ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කර පිළිගන්වන්න.