පිපිඤ්ඤා සැන්විච්

June 30, 2021
1,748
Cucumber sandwich
සැන්විච් කියන්නේ වඩාත් විවිධාකාර ලෙස සකස් කරගත හැකි කෑමක්. එහි පෝෂණයෙන් සහ රසයෙන් අඩුවක් නෑ. ඒ විතරක් නෙමෙයි, ඔබට දවසේ ඕනෑම වේලාවක ආහාරයට ගත හැකියි.

අවශ්‍ය දේ :

මී කිරි මේස හැඳි 2ක් පමණ
පාන් පෙති 2 ක්
තුනීයට කපා ගත් පිපිඤ්ඤා පෙති
පෙස්ටෝ සෝස් (සාදන ආකාරය පහතින් දක්වා ඇත)
කැමති එළවළු (කැරට්, තක්කාලි, මාලුමිරිස්, බෙල්පෙපර් වැනි)

සාදන ආකාරය :
1. එක් පාන් පෙත්තක් උඩින් මී කිරි එකතු කරගන්න.
2. පිපිඤ්ඤා තුනී පෙති පාන්පෙත්තේ හරස් අතට තට්ටු වශයෙන් තබන්න.
3. කැමති එළවළු එකතු කරගන්න.
4. අනිත් පාන් පෙත්තට පෙස්ටෝ තවරා එයින් සැන්විච් එක වසා ගන්න. රසවිඳින්න.


පෙස්ටො සෝස් සාදන ආකාරය:
අවශ්‍ය ද්‍රව්‍ය;
බැසිල් කොල කෝප්ප 2
සුදුලූණු බික් 3
කැමති හාඩ් චීස් වර්ගයක් (පාමසාන් වැනි) කෝප්ප 1/2
රටකජු ග්‍රෑම් 50
ලුණු තේ හැඳි 1/4 ක් හෝ රස අනුව අවශ්‍ය පමණට
ඔලිව් තෙල් කෝප්ප 1/2

මේ සියල්ල බෙල්ඩර් එකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ශීතකරණයේ සතියක් කල් තබා ගන්න පුලුවන්. අධිශීතකරණයේ තබනවා නම් මාස 6ක් පමන තියාගන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   48,839
   35

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Changes in your body if you consume cod-liver oil daily
   94,375
   23

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Milk Toffee Recipe
   144,455
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
Kaju Dosi Recipe
   148,585
   21

කජු දෝසි - Recipe

Video

Latest Articles

Most Viwed