පොඩි බඩගින්නට ප්‍රනීත ළූණු බැදුමක්

January 30, 2017
17,609
Deep-Fried Onion Rings Recipe
ලොකු ළූණු ගෙඩි 2ක්
පාන් පිටි කෝප්ප 1ක්
බේකින් පවුඩර් තේහැදි 1/2
ලුණු තේ හැදි 1/4
ගම්මිරිස් කුඩු තේ හැදි 1/4
තෙල් බෝතල් 1/2
බිත්තර 1ක්
කිරි කෝප්ප 1/2
පාන් කුඩු (බිස්කට් කුඩු)50g-100g

මුලින්ම අපි බැටර් එකක් හදා ගන්න ඕනී. ඒ සදහා පාන්පිටි,බේකින් පවුඩර්, ලුණු, ගම්මිරිස් හොදින් මිශ්‍ර කරගන්න. එම මිශ්‍රණයට බිත්තරය එකතුකර මිශ්‍ර කරන්න. දැන් කිරි ටික ටික එකතුකර අවශය පදමට බැටර් එක සාදාගන්න.

පොතු ඉවත් කරගත් ලොකු ළූණු ගෙඩි රවුම් වනසේ කපාගන්න. ඉන්පසු එය එකිනෙකට ගලවාගන්න (Ring ආකාරයට). කපාගත් ලොකු ළූණු බැටර් එකේ ගිල්වා පාන් කුඩු හෝ බිස්කට් කුඩු මත හොදින් තවරන්න.

දැන් එය ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගන්න. පසුව එය ටිෂූ කොලයක් මතට ඉවත් කරන්න. එයින් අනවශය තෙල් ඉවත් වේ.

හවස් කාලයෙදී ආහාරයට ගැනීමට කදිමයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to reduce under arm sweating
   6,371
   42

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
10 symptoms shows you are pregnant
   45,181
   33

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Milk Toffee Recipe
   132,893
   29

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
How to get vitamin E for healthy skin and hair
   31,631
   29

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව

Latest Articles

Most Viwed