උපත් පාලනය ගැන මේ දේවල් නම් කාන්තාවක් දැනගත යුතුමයි

August 20, 2017
15,167
Important facts about birth control you need to know
ඉස්සර නම් පවුලක ළමයි දහ පහළොස් දෙනෙක් හිටියා. ඒ කාලේ හිටපු කාන්තාවන් නම් උපත් පාලනය කියන කාරණාව ගැන දන්නෙ වත් නැති තරම්. හැබැයි ඉතින් වර්තමානය වෙනකොට මේ තත්වෙ වෙනස් වෙලා. තියෙන ආර්ථික ප්‍රශ්නයි වෙනත් ප්‍රශ්නයි හින්ද අද උපත් පාලනය සමාජයේ ජනප්‍රිය දෙයක් බවට පත්වෙලා. හැබැයි තවමත් සමහර කාන්තාවන් උපත් පාලනය ගැන හරි අවබෝධයක් ලබාගෙන නැහැ. මේ නිසා බහුතරයක් කාන්තාවන් ඉන්නේ උපත් පාලන ක්‍රම ගැන වැරදි මත වල. ඇත්තටම කාන්තාවක් උනහම උපත් පාලන ක්‍රම ගැන හොඳ අවබෝධයක් තියෙන එක වැදගත්. මොකද මේ නිසා ඇයට පුලුවන් පවුල් ජීවිතය හොඳින් කළමනාකරණය කරගන්න. ඒ නිසා අද අපි ඔබට කියන්න හිතුවේ උපත් පාලනය ගැන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු වැදගත් කාරණා කිහිපයක් ගැන.

1. උපත් පාලන පෙති නිවැරදිව භාවිතා කරන්න ඕනේ

සමහර කාන්තාවන් හිතන්නේ අවශ්‍ය වෙලාවට විතරයි උපත් පාලන පෙති භාවිතා කරන්න ඕනේ කියල. හැබැයි ඔබ තෝරාගන්න පෙති වර්ගය අනුව නියමිත වෙලාවට නියමිත දවස් වලට ඔබට මේ පෙති භාවිතා කරන්න වෙනවා. ඔබ එක දවසක් හරි මග හරිනවා කියන්නේ ඔබ බලාපොරොත්තු වෙන ප්‍රථිපලය උපත් පාලන පෙති වලින් ලබාගන්න බැරුව යනවා. මේ නිසා තමයි 40% පමණ අනපේක්ෂිත ගැබ් ගැනීම් සිදුවෙන්නේ.

2. උපත් පාලන පෙති ලිංගිකව සම්ප්‍රේක්ෂණය වෙන රෝග වලින් ඔබව ආරක්ෂා කරන්නේ නැහැ

උපත් පාලන පෙති ගැන තියෙන තවත් වැරදි අදහසක් තමයි මේ. කිසිම අවස්ථාවක උපත් පාලන පෙති ලිංගිකව සම්ප්‍රේක්ෂණය වෙන රෝග වලින් ඔබව ආරක්ෂා කරන්නේ නැහැ.

3. Intrauterine devices උපත් පාලන පෙති වලට වඩා විශ්වාස බවින් වැඩියි

Intrauterine devices උපත් පාලන පෙති වලට වඩා විසි ගුණයක් ඵලදායි බවින් වැඩියි. මොකද උපත් පාලන පෙති භාවිතා කිරීමට අතපසු වීම වගේ වැරදි මේ ක්‍රමයේදී සිදුවෙන්නේ නැති නිසා.

4. උපත් පාලන පෙති නිසා කාන්තාවන්ගේ ලිංගික ක්‍රියාකාරිත්වය වැඩි වෙන්නේ නැහැ

සමහර අය හිතන දෙයක් තමයි උපත් පාලන පෙති භාවිතා කරන විට කාන්තාවන්ගේ ලිංගික ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා කියන එක. ඒ මගින් සිදුවෙන්නේ ඔබේ මාසික ඔසප් වීම ක්‍රමවත් කර ගැබ් ගැනීම් පාලනය කිරීම පමණයි.

5. උපත් පාලන පෙති භාවිතා කරපු ගමන් ක්‍රියාකාරී වන්නේ නැහැ

උපත් පාලන පෙති නිවැරදිව ක්‍රියාත්මක වීමට මාස දෙකක පමණ කාලයක් ගත වෙනවා. මේ නිසා අලුත උපත් පාලන පෙති භාවිතා කරන සහ අලුත් පෙති වර්ගයකට මාරු වෙන කාන්තාවන් සැලකිලිමත් විය යුතුයි.

6. උපත් පාලන පෙති නිසා කාන්තාවන් මහත් වෙන්නේ නැහැ

මීට කාලයකට කලින් තිබුණු උපත් පාලන පෙති වල අඩංගුවූ වැඩි හෝමෝන ප්‍රමාණය නිසා කාන්තාවන් මහත් වෙන්න උපත් පාලන පෙති බලපෑවා. නමුත් අද වෙළදපොළේ තිබෙන උපත් පාලන පෙති කිසිම වෙලාවක කාන්තාවන් මහත් වෙන්න බලපාන්නේ නැහැ.

7. ඔබ ලබාගන්න වෙනත් ඖෂධ නිසා උපත් පාලන පෙති වල ක්‍රියාකාරිත්වය අඩාල වෙන්න පුළුවන්

මේ නිසා ඔබ උපත් පාලන පෙති ලබාගන්න අතරතුර වෙනත් ඖෂධ වර්ග භාවිතා කරන්න සිදු උනොත් අනිවාර්යෙන්ම වෛද්‍යවරයාගෙන් ඒ ගැන උපදෙස් ලබාගන්න.

8. උපත් පාලන පෙති හැම එකකම වගේ අතුරු අබාධ තියෙනවා

මේ පෙති නිසා ඇතිවෙන අතුරු අබාධ පෙති වර්ග වලට අනුව වගේම කාන්තාවන්ට අනුව වෙනස් වෙනවා. සමහර කාන්තාවන්ට කිසිම අතුරු අබාධයක් දකින්න ලැබෙන්නේ නැහැ. කොහොම උනත් හිතු මනාපෙට තෝරාගන්නේ නැතුව වෛද්‍යවරයෙක් හමුවෙලා ගැලපෙන උපත් පාලන පෙති වර්ගය තෝරාගන්න එක තමයි හොඳ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 379 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:40:35 AM
Script:/article/379/important-facts-about-birth-control-you-need-to-know.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:40:35 AM
Script:/article/379/important-facts-about-birth-control-you-need-to-know.html