ආකර්ෂණය කියන දේ හැමෝටම දිනා ගන්න බැහැ. එත් සමහර අයට තමන් වටා ඉන්න අය තමන් වෙත ඇද ගැනීමේ විශේෂ හැකියාවක් තියෙනවා. හැබැයි මේ කියන හැකියාව ඒ තරම් අරුම පුදුම දෙයක් නෙවෙයි. අපේ ගති පැවතුම්, හැසිරීම්, ගුණ යහපත් කම් අනුව තමයි එක තීරණය වෙන්නේ. මේ කියන ලක්ෂණ තියෙන අයට අනිවාර්යෙන් මේ හැකියාව තියෙනවා. ඔවුන් හැම කෙනෙක් එක්කම හොඳ මිතුරු සම්බන්දතාවක් පවත්වාගෙන යනවා වගේම ගොඩක් අය එවැනි අය ඇසුරු කරන්නත් කැමැත්තක් දක්වනවා.
1. හැසිරීම තමයි අංක එක
ඔයාගේ හැසිරීමෙන්, කතා බහෙන්, අඳින පළඳින විදිහෙන් ඔයාගේ චරිතය මොන වගේද කියලා අනිත් අයට මැන ගන්න පුළුවන්. ඒ නිසා ගැහැණු ළමයෙක් විදිහට ඔයාගේ ආත්ම අභිමානය රැකෙන විදිහට කටයුතු කරන්න සිහි තබා ගන්න. එහෙම නැති වුනොත් අනිත් අයගේ ආකර්ෂණය දිනා ගන්නවා වෙනුවට අනිත් අය අතරින් කැපිලා යන්න තමයි වෙන්නේ.
2. අනිත් අයව විවේචනය කරන්නේ නැහැ
නිතර මැසිවිලි නගන කෙනෙකුට ඔයා වුනත් කැමති නැහැනේ. ඒ වගේම අනිත් අය එක්ක තවත් අයව විවේචනය කිරීමෙන් ඔයාගේ සැබෑ ස්වරුපය එලියට එනවා. ඒ නිසා ඔයාට අනිත් අයගේ අවධානය දිනා ගන්න ඕන නම් ඔබත් ධනාත්මකව සිතන, පැමිණිලි නොකරන අයෙකු විය යුතුය.
3. ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න
අනිත් අයගේ ආකර්ශනය දිනා ගන්න මනා ආත්ම විශ්වාසයක් තිබීම ඉතා වැදගත්. ඔයාට ඔයා ගැන විශ්වාසයක් නැති නම් අනිත් අයත් ඔයා ගැන විශ්වාස කරන්නේ නැහැ. මනා විශ්වාසයෙන් යුතුව හරි තීරණ ගන්නා අන් අයගේ උදව් බලාපොරොත්තු නොවන, ඔයාගේ වැඩ කටයුතු වල වගකිම ඔයා දරනවා නම් ඔයා අනිත් අය අතර නිරායාසයෙන්ම ජනප්‍රිය වෙනවා.
4. හොඳ සවන් දෙන්නෙකු වෙන්න
අන් අය එක්ක හොඳින් කතා කරනවා වගේම ඔවුනට ඇහුම්කන් දීමත් ඉතාම වැදගත්. ඔයා අනිත් අයට ඇහුම්කන් දෙන්නේ නැතිනම්, අනිත් අයව සතයකටවත් මායිම් කරන්නේ නැත්තම් අනිත් අයත් ඔයාව ගණන් ගන්නේ නැතුව යනවා. එහෙම වෙද්දී ඔයා කොහොමද අනිත් අයගේ ආකර්ෂණය දිනා ගන්නේ?
5. වැදගත් පුද්ගලයන් අනුගමනය කරන්න
සමාජයේ අන් අයගේ ආකර්ෂණය දිනා ගත් ජනප්‍රිය පුද්ගලයන් කතාබහ කරන හා හැසිරෙන විධිය අධ්‍යයනය කරමින් ඒ තුලින් ඔයාට ඉගෙන ගන්න පුළුවන් දේවල් ඔයාගේ ජීවිතේට ලං කර ගන්න. ඔවුන් හැසිරෙන විදිහ, ගමන් කරන විදිහ, කතාබහ කරන විදිහ හා අන් අයගේ අවධානය දිනා ගනිමින් කටයුතු කරන විදිහ ආදී දේ අධ්‍යයනය කරන්න. එයින් ඔබට ඉගෙනගැනීමට බොහෝ දේ තිබේවි.