රූපය ගැන හිතන අයට පොල් තෙල් වලින් ලස්සන වෙන්න රහසක්

October 29, 2017
11,921
Beauty tip secrets with coconut oil
රූපලාවණ්ය සත්කාර වලදී විවිධ තෙල් වර්ග භාවිතයට ගන්නවා. නමුත් ඒ සැමට වඩා සමට වැඩි පෝෂණයක් සහ තෙතමනයක් පිරිසිදු පොල් තෙල් වලින් ලබා දෙනවා. මුහුණට විතරක් නෙවෙයි මුළු ශරීරයේම ගැල්වීමෙන් සම පැහැපත් කරගන්න පුළුවන් වගේම සමේ තෙතමනයත් රැක ගන්න පුළුවන්. හැබැයි මෙහිදී යොදා ගන්නේ ආහාර පිසීමේදී යොදා ගන්න සාමාන්‍ය පොල් තෙල් නෙවෙයි. මේ රුපලාවන්‍ය සත්කාර සඳහා යොදා ගන්නේ සුදු පොල්තෙල්.

පිරිසිදු පොල්තෙල් ස්වල්පයක් මීපැණි බිංදු කිහිපයක් එක්ක හොඳට මිශ්‍ර කරගන්න. මේ ආලේපය මුහුණේ සහ බෙල්ලේ ආලේප කරලා විනාඩි 30 කට පස්සෙ හෝදන්න.

කෝමාරිකා යුෂ ස්වල්පයක් එක්ක දෙහි බිංදු කිහිපයක් මිශ්‍ර කරලා ඒකට පිරිසිදු පොල්තෙල් තේ හැන්දකුත් එකතු කරලා අලේපනයක් හදාගන්න. මේ ආලේපනය මුහුණේ සහ බෙල්ලේ ආලේප කරලා විනාඩි 20 කින් හෝදන්න.

එළගි තෙල් සහ පිරිසිදු පොල් තෙල් සමව අරගෙන මිශ්‍ර කරන්න. මේ මිශ්‍රනය මුහුණේ අලේප කරලා විනාඩි 30 කට පස්සෙ ඇල් වතුරෙන් හෝදන්න.

බටර් ස්වල්පයකට පිරිසිදු පොල්තෙල් මුසු කරල සමේ අලේප කරන්න. නමුත් සබන් සහ facewash වලින් හෝදන්න එපා. ඇල් වතුරෙන් විතරක් සේදුවොත් විතරයි සමේ තෙතමනය ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නෙ. සබන් වලින් සම වියලීමට ලක් කරනවා.

පිරිසිදු පොල් තෙල් ස්වල්පයක් අරගෙන තිත් ආකාරයට මුහුණේ තියල මෘදුව පිරිමැදීමෙන් සමට තෙතමනයක් ලබාගන්න පුළුවන්. මේ ආලේපය සමේ තෙතමනය ආරක්ෂා කරන ක්‍රීම් වර්ගයකට ආදේශකයක් විදියටත් භාවිතා කරන්න පුළුවන්. මේ නිසා උදෑසන සහ රාත්‍රී නින්දට යෑමට පෙරත් පිරිසිදු පොල් තෙල් ස්වල්පයක් මෘදුව සම මත ගැල්වීම වඩාත් සුදුසුයි.

පොල් තෙල් ස්වාභාවික සත්කාරයක් වෙන නිසා ආසාත්මිකතා ඇතිවන්නේ නෑ. පැහැපත් බව ලබාගන්න වගේම කාන්තිමත් දිදුලන පෙනුමක් හිමිකරගන්නටත් පොල්තෙල් කදිම ආලේපනයක්.

හැබැයි ඔයාට තියෙන්නේ තෙල් සහිත සමක් නම් නිතරම පොල් තෙල් ආලේප කරන එක සුදුසු නැහැ.මොකද සමේ තියෙන තෙල් ගතිය තව වැඩි වෙන්නත්, කුරුලෑ ඇති වෙන්නත් එක හේතුවක් වෙනවා. ඒ නිසා ඔයා ඒ ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-11 00:00:00' and A.id <> 479 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 9:19:45 PM
Script:/article/479/beauty-tip-secrets-with-coconut-oil.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 9:19:45 PM
Script:/article/479/beauty-tip-secrets-with-coconut-oil.html