මධුරි ඩික්සිත් ගේ තවමත් තරුණ පෙනුමේ රහස කුමක්ද?

December 9, 2017
46,340
What are the young looking secrets of Madhuri Dixit
බොලිවුඩයේ සදාකාලික යෞවනිය කවුද ඇහුවොත් ඔබ කියාවි මධුරි ඩික්සිත් කියල.
ඇත්තටම ඇයගේ සැබෑ වයස අවුරුදු 50 ත් පසු කරලා. නමුත් ඇයගේ මුහුණ තාමත් 20 ගණන් වල තිබුන සුන්දර මුහුණට දෙවෙනි නැහැ. කාලය සමග ඇය තවත් සුන්දර වෙලා. පරිපූර්ණ වෙලා. ඇය දශක තුනක් පුරා ඇගේ රූප සෞන්දර්ය රැකගෙන ඉද්දි,
ඇගේ වයසේම අනෙක් කාන්තාවෝ දරන්නේ කොයි වගේ පෙනුමක්ද? පුදුමයි. ඒකට
හේතුව අහම්බයක් නෙවෙයි. ඇය විසින් අනුගමනය කළ යහපත් සිරිත් විරිත් මේ
අයුරින් ඇගේ සුන්දර තරුණ බව රැක දුන්න බව ඇය කියා සිටිනවා.

අපි ඇගේ මේ අඩු නොවන තාරුණ්‍යයේ රහස් පෙළ ඔබ වෙත ගෙන එන්නේ කියවලා
අමතක කර දමන්න නම් නෙවෙයි. ඔබත් විසි ගණන් වල සිටම මේ යහපත් සිරිත් ඔබේ ජීවිතේට එක් කර ගන්න කියලයි. මුහුණේ රූප සෞන්දර්යය විනාශ වුන පසු මොනවා කලත් වැඩක් නැහැ. කළ යුතු දේ ඒ රූපය තිබෙන තරුණ කාලයේම රැක ගැනීමට නිසි පියවරවල් ගැනීමයි.

මවක්, බිරිඳක්, කාර්ය බහුල නිලියක්, දුවණියක් ලෙස ඉතාම කාර්ය බහුල ජීවිතයක් ගෙවන ඇයට මේ අයුරින් ඇගේ රූපය රැකගෙන වයසට යන්න හැකි වුනා නම් ඔබට සහ මටත් පුළුවන් ඒ ලෙසින් අපේ රුවත් වයසට යාමෙන් ආරක්ෂා කර ගන්න.

1. නිරතුරුවම සමට තෙතමනය ලබා දෙන්න

මධුරි ඩික්සිත් මහත්මිය කියන්නේ ඇය තරුණ කාලේ සිටම කොයි ආකාරයට කාර්ය
බහුල වුනත් නිතරම සම තෙත්ව තබා ගත්තා කියලයි. ඇය හැමෝටම දෙන අවවාදය තමා සමේ තෙතමනය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න කියල. සම වියලීමට ලක් වෙනවා කියන්නේ සම ඉතාම ඉක්මනින් වයසට යවා ගන්න හොඳම මාර්ගයක්. ඔබට කුමන ආකාරයේ සමක් තිබුනත් එයට ගැලපෙන Moisturizing ක්‍රීම් වර්ග වෙළඳ පොලේ තිබෙනවා. තෙතමනය ලබා දීමේදී කෝමාරිකා, කස්තුරි කහ, ඔලිවු තෙල් වැනි ස්වභාවික සාරයන් අඩංගු නිෂ්පාදන පාවිච්චි කිරීමත් වැදගත් බව ඇය වරක් කියා සිටියා. වියලි සම රැලි වැටීමට සහ වැහැරීමට ලක් වෙනවා. විශේෂයෙන්ම ඔබේ
මුහුණට තෙතමනයක් සහ පෝෂණයක් නැති වෙද්දී ඉක්මනින් වියපත් වෙනවා. ඒ
නිසා හැම විටම ඔබේ සම තෙත්ව තබා ගැනීමට සුදුසු පියවර ගන්න.

ඔබ බොහෝ දෙනෙක් කාර්යාල වල වැඩ කරද්දී AC එකට නැත්නම් වායුසමනයට ඔබේ සම නිරාවරණය කරනවා. ඒ නිසා ඔබේ අත් බෑගයේ Moisturizing ක්‍රීම් එකත් රැගෙන යන්න. මුහුණ සෝදන හැම වරකම නැවත වරක් ක්‍රීම් ගාලා සමේ තෙතමනය රැකගන්න. එවිට වියපත් වීමේ ක්‍රියාවලිය මන්දගාමී වේවි.

2. හිරු එලිය හැකි තරම් මගහරින්න

නිලියක් ලෙස මධුරි ඩික්සිත් මහත්මියගේ තරුණ කාලය ගෙවුනේ සිනමා දර්ශන තල
වල. ඇය හැම විටම ඉර අවුවෙන් ගැලවෙන්න හැකි තරම් වෙහෙසුනා. අත්‍යවශ්‍යම වෙලාවක වුනත් ඒ වෙනුවෙන් සමට වෙන හානිය අවම කරන්නට නිසි පියවර ගනු ලැබුවා. ඇය අවධාරණය කරනවා හැමෝටම තරුණ කාලයේ සිටම ඉර එලියෙන් ඔබේ සම රැකගන්න කියලා.

හිරු එළියේ පවතින පාර ජම්බුල එහෙම නැත්නම් UV කිරණ සමේ කොලජන් තන්තු
බිඳ දමනවා. ඒ මගින් සම පලුදු කිරීමටත් ඉක්මනින් මහලු බවට පත් කරන්නත් ඉර
එලිය සමත්. උදේ 10 සහ 3 අතර පවතින දැඩි සූර්ය තාපය විෂ සහිතයි. කොහෙත්ම
එම හිරු එලියට ලක් වෙන්න එපා. ඒ වගේම ඉර එලියට යද්දී කුඩයක් අරගෙන යන්න.

නැත්නම් තොප්පියක් සහ හිරු එලිය වලක්වන කාච සහිත හොඳ වර්ගයේ අවු
කණ්නාඩි යුගලයක් හැම විටම පළඳින්න. එමගින් ඔබේ දෙනෙත වටේ තිබෙන මෘදු
සමත් හිරු එළියෙන් ආරක්ෂා වෙනවා. ඔබත් හැකි හැම විටම තරුණ කාලයේ සිටම හිරු එළියෙන් මිදෙන්න. මධුරි ඩික්සිත් මහත්මිය වගේ සුන්දර ලෙස ඔබේ රූපය රැකගෙන වියපත් නොවෙන්න ඔබත් කැමති ඇති නේද?

3. දිනපතා සම පිරිසිඳු කිරීම

ඩික්සිත් මහත්මිය සම හොඳින් පිරිසිඳු කරගැනීම ගැනත් විශේෂ සැලකිල්ලක් දැක්වූ කෙනෙක්. තරුණ කාලයේ සිටම නිතර මේක්-අප් පාවිච්චි කරන්න ඇයට සිදු වුනා. ඒ වගේම කටුක දේශගුණ තත්ත්ව යටතේ රූගත කිරීම් වල යෙදුනා. ඇය හැම උදෑසනකම සහ රාත්‍රියකම මුහුණ හොඳින් ක්ලෙන්ස් කරනවා. ක්ලේන්සර් ඇගේ සම
ඇතුලට කා වැදිලා කුණු දූවිලි සහ මේක්-අප් හොඳින් ඉවත් කරනවා. ඉන් පසුව ඇරුන රෝම කූප වහන්න ඇය සමේ ස්වභාවය අනුව ටෝනර් එකක් භාවිතා කළ බවත් පැවසෙනවා.

ඔබත් ඔබේ සම පිරිසිඳු කිරීම ගැන දැන් සිටම සිතන්න. මූනේ මේක්-අප් පිටින් හරියට
පිරිසිඳු නොකර නිදියනවා නම් කියන්න තියෙන්නේ එකම දෙයක්. ඒ ඔබේ මුහුණ
වයසට පෙර වයසට යාවි කියලයි. එම නිසා සම පිරිසිඳු කිරීම ගැන නිතරම සැලකිලිමත් වෙන්න. මසකට වරක් වගේ සැලුන් එකකින් Clean up එකක් කරගන්න. සමේ මැරුණ සෛල, කළු ලප, සුදු ලප ( black heads, white heads) ඉවත් කිරීම ඉතාම වැදගත්. මේ දේවල් කරන්න මුහුණේ රැලි මතු වෙන තුරුම බලාගෙන ඉන්න එපා. වයසට යාම පටන් ගැනීමට ගොඩක් කාලෙකට පෙර පටන් ගත්තොත් ඔබ දිනුම්.

4. තරුණ වියේ සිටම විශේෂ සත්කාර

මදුරි ඩික්සිත් මහත්මිය ළඟකදී ප්‍රකාශ කර තිබුනා ඇය තරුණ කාලයේ සිටම සතියකට දෙවරක් විශේෂ සත්කාරක face mask එකක් නැත්නම් ඖෂධීය මුහුණු වැස්මක් භාවිතා කළා කියල. ඒ මගින් ඇගේ සමේ තෙතමනය ආරක්ෂා කළා. ඒ වගේම මුහුණේ සමේ සෛල අලුත් වීමේ ක්‍රියාවලිය හැමදාම නිසි වේගෙන් පවත්වාගෙන ගියා.

ඒ වගේම මෙලනින් පාලනය සහ සමේ ලප ඇති වීම වැළකුණා. කස්තුරි කහ වගේ
ඖෂධ පුරාණයේ සිටම ඉන්දියානු රූමතියන් තමන්ගේ සම අලුත්වැඩියා වීමේ වේගය වැඩි කර ගැනීමට පාවිච්චි කළා. ඒ නිසා තමයි බොහෝ තරුණ බව රැකදෙන නිෂ්පාදන වල කස්තුරි කහ අඩංගු වෙන්නේ. ඩික්සිත් මහත්මියට අනුව මේ මුහුණු වැස්ම ඇගේ පවුලෙන් පැවත ආ සත්කාරයක්. ඒ වගේම තරුණ වියේ සිටම ඇය මෙය අනාගතය ගැන සිතා භාවිතා කළ බව පැවසෙනවා.

5. හොඳ සමබර ආහාර වේලක්

ඇය මවක් ලෙස හැම විටම සමබර ආහාර වේලක් ගැනීමේ වැදගත්කම ගැන
අවධාරණය කරනවා. ඇගේ සැමියත් වෛද්‍යවරයෙක්නෙ. ප්‍රෝටීන්, විටමින්, ඛනිජ
ලවන වගේ අත්‍යවශ්‍ය පෝෂක ද්‍රව්‍ය අඩංගු ආහාර හොඳින් ලබා ගත යුතුයි. අවාසනාවට අපේ රටේ ප්‍රෝටීන් ආහාරයෙන් ගොඩක් දුරට මගහැරෙනවා. ඒ වෙනුවට
අධිකව අපි කාර්බෝහයිඩ්රේට් අඩංගු ආහාර වලට හුරු වෙලා. මේ තත්වය අපේ
වයසට යාමේ ක්‍රියාවලිය ඉක්මන් කරනවා. එම නිසා බිත්තර, මස්, ධාන්‍ය වර්ග වගේ
ප්‍රෝටීන් බහුල ආහාර නිතරම ආහාරයට ගන්න. බත් සහ සීනි අඩංගු ආහාර ගැනීම
අවම කරන්න. වයසට යද්දී රූපය විතරක් නෙවෙයි නිරෝගී කම රැකගන්නත් මේ
අහාර රටාව වැදගත් වෙනවා.

6. සතියට දින හයක ව්‍යායාම මාලාවක්

ඩික්සිත් මහත්මිය තරුණ කාලයේ සිටම සතියට දවස් 6 ක් ව්‍යායාම වල නිරත වුන බව කියනවා. ඒ වගේම ආර්යන් සහ රයන් උපත ලද අලුත ඇය ගොඩක් මහත් වුනා. පසුව වෛද්‍යවරයෙක් වුන සැමියාගේ උදවු ඇතිව ඇය නැවතත් ව්‍යායාම කටයුතු සහ ආහාර පාලනය නිසි ලෙස කරලා හිටපු හැඩේට යලිත් පැමිණියා. තවමත් ඇය ව්‍යායාම වල නිරත වෙනවා.

7. ලෝක ධර්මයෙන් කම්පා වෙන්න එපා

ගැහැණු අපි ගොඩක් දේවල් වලින් මානසික පීඩාවට ලක් වෙනවා. නමුත් ප්‍රශ්න කරදර
කියන්නේ ජීවිතේ මගහරින්න බැරි හැමෝටම පොදු දෙයක් බව මධුරිඩික්සිත් මහත්මිය විශ්වාස කරනවා. ඒ නිසා ඕනෙම දෙයකට සැහැල්ලුවෙන් මුහුණ දීම ඇගේ
සිරිතලු. අපිත් මේ විදිහට හිතන්න පුරුදු පුහුණු වෙනවා නම් අපේ රූපය රැකගන්න
එය ලොකු හේතුවක් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,494
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed