නිය ආලේපන ගල්වා පැය 10 කට පසු ඔබේ ශරීරයට සිදුවෙන දෙය ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි

April 24, 2017
14,001
What Happens to Your Body 10 Hours After You Apply Nail Polish
කාන්තාවන්ගේ රූපලාවන්‍ය අඩුම කුඩුම අතර තියන වැදගත්ම දෙයක් තමයි නිය ආලේපන කියන්නේ. එක එක පාටින් නියපොතු ටික පාට කරගෙන ලස්සනට තියාගන්න කාන්තාවන්ට තියෙන්නේ පුදුම විදිහේ ආසාවක්. මේ නිසා ඔවුන් නිතරම නිය ආලේපන භාවිතා කරනවා. නමුත් ඉතිං මේ අය නිය ආලේපන නිතරම භාවිතා කරන්න හොද නැහැ කියන කාරණාව ගැන නොදන්නා අයම නෙවෙයි. මේ නිසා අපේ නියපොතු වියළීම වගේම කහ පැහැ ගැන්වීමත් සිදුවෙනවා.

නමුත් සිදුකරන ලද නවතම පරීක්ෂණ වලට අනූව සොයාගෙන තිබෙනවා නිය ආලේපන ගැල්වීම නිසා මීට වඩා බරපතළ ලෙස අපේ සිරුරට හානි සිදුවෙන බව. මේ තත්වය ඇතිවෙන්නේ මේ නිය ආලේපන වල අඩංගු වෙන අපේ සිරුරට අහිතකර යම් යම් විස රසායනික ද්‍රව්‍ය නිසා.

නිය ආලේපන වල අඩංගු වෙන අපේ සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය

1. Toluene

නිය ආලේපන ගැල්වූ පසු නියපොත්තෙ මෘදු බව ආරක්ෂා කර ගැනීමටත් නිය ආලේපනයේ වර්ණය කාලයක් පවත්වා ගැනීමටත් යොදා ගන්නා ද්‍රාවණයක්. මේ රසායනිකය නිසා අපේ මධ්‍යම ස්නායු පද්ධතියට බලපෑමක් ඇතිවෙනවා. ඒ වගේම ප්‍රජනන අබාධ ඇතිවීමටත් මෙය හේතුවක් වෙනවා. හිසරදය, දුබලතා, ක්ලාන්තය , ඔක්කාරයන් වැනි තත්ත්වයනුත් මේ රසායනිකය අඩංගු නිය ආලේපන ගැලවීම නිසා ඇති වෙනවා.

2. Formaldehyde

නිය ආලේපන වැඩි කාලයක් තබාගැනීමට යොදන වර්ණයක් නොමැති වායුවක්. මේ නිසා ඔබට අසාත්මිකතා, චර්ම රෝග, රසායනික පිළිස්සුම් ඇතිවිය හැකියි. ඒ වගේම හර්ද ස්පන්දන අබාධ, වලිප්පුව, පිළිකා වැනි රෝග තත්වයන්ද ඇතිවිය හැකියි.

3. Dibutyl Рhthalate

නිය ආලේපන සුවදවත් කිරීමට යොදාගන්නා රසායනිකයක්. මෙම රසායනිකය නිසා අන්තරාසර්ග ආබාධ, ස්වසන ආබාධ, නාරී වේදික අබාධ ඇතිවිය හැකියි.

කාන්තාවන් 24 දෙනෙක් සහභාගී කරගෙන සිදුකරන ලද පරීක්ෂණයකදී නිය ආලේපන ගල්වා පැය 6 කට පසු කාන්තාවන් බහුතරයක් දෙනා තුලින් යම් යම් රෝග ලක්ෂණ දක්නට ලැබී තිබෙනවා. ඒ වගේම පැය 10 ක් ගතවූ පසු එම තත්වය වැඩිවී තිබෙනවා. මේ නිසා ඔබ ලස්සන වෙන්න නිය ආලේපන භාවිතා කරන කාන්තාවක් නම් අනිවාර්යෙන්ම මේ රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන නිය ආලේපන වර්ගයක් තෝරා ගන්න. එහිදී නිතරම 5-Free සහ 3-Free ලෙස සදහන් කර ඇති නිය ආලේපනම තෝරාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 236 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:34:23 PM
Script:/article/236/what-happens-to-your-body-10-hours-after-you-apply-nail-polish.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:34:24 PM
Script:/article/236/what-happens-to-your-body-10-hours-after-you-apply-nail-polish.html