ඇතැම් විට ඔබත් මේ වනවිට කොවිඩ්-19 රෝගය මර්ධනය සඳහා වන කුමන හෝ එන්නතක සම්පූර්ණ මාත්‍රාවම ලබාගෙන ඇති. ඒ නිසාම තවදුරටත් අත් සේදීම, සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුහුණු ආවරණ පැළඳීම වැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යද යන්න සම්බන්ධයෙන් ඔබටත් ගැටළු ඇති. විශේෂයෙන් මුහුණු ආවරණය පැළඳීම අත්‍යවශ්‍යද යන්න ඔබත් කල්පනා කරනවා ඇති.. ඇත්ත වශයෙන්ම එය අවශ්‍යද..? එන්නත ලබා ගැනීමෙන් රෝගය වැළඳීම සම්බන්ධයෙන් පරිපූර්ණ ආරක්ෂාවක් සැලසෙන්නේ නැද්ද යන ගැටළු සමාජයේ බොහෝ කතාබහට ලක්වනවා.. එසේනම් එන්නත් ලබාගත් ඔබ මුහුණු ආවරණයක් පැලඳිය යුත්තේ කවර අවස්ථාවකද, කෙසේද සහ එසේ කල යුත්තේ ඇයි යන කරුණු මෙම ලිපිය මගින් හැඩකාරි ඔබට ඉදිරිපත් කරනවා..
සම්පූර්ණ එන්නත් මාත්‍රාවම ලබා ගත් පුද්ගලයින් යනු..?
ලොව පුරා කොවිඩ් 19 රෝගය මර්ධනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමැතිය ලත් එන්නත් ගණනාවක් භාවිතා වන අතර ලංකාවේ දැනට භාවිතා වන්නේ චීනයේ නිපදවන ලද සිනෝෆාර්ම්/ සයිනොෆාර්ම් (Sinopharm) එන්නත සහ ඉන්දියාවේ නිපදවන ලද ඇස්ට්‍රා සෙනිකා (AstraZeneca), රුසියාවේ නිෂ්පාදිත් ස්පුට්නික් - 1 යන එන්නත් වර්ග 3 යි. මෙම එන්නත් තුනම මාත්‍රා 2 කින් සමන්විත වන අතර පලමු මාත්‍රාව ලබාගෙන සැලකිය යුතු කාල සීමාවක් තුළ දෙවන මාත්‍රාව ලබාගත යුතු වනවා. මෙසේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් සම්පූර්ණ එන්නත් මාත්‍රාවම ලබාගත් පුද්ගලයින් ලෙස සලකනු ලබනවා. එතෙක් ඔවුන් හට රෝගයෙන් ආරක්ෂා වීම සඳහා සම්පූර්ණ ප්‍රතිශක්තිකරනය ලැබෙන්නෙ නැහැ..
සම්පූර්ණ එන්නතම ලබාගත් පසු මුහුණු ආවරණය ඉවත් කල හැකියිද..? නැතිනම් මුහුණු ආවරණ පැළැදිය යුත්තේ කවර අවස්ථාවලදීද..?
එන්නත තවමත් ශ්‍රී ලංකාවේ ඉතාමත් සුලු පිරිසකට පමනක් ලබා දි ඇති නිසාත් ආසාදිතයන් වාර්ථා වීම දිනෙන් දින ඉහල අගයක් ගනු ලබන නිසාත් ඔබ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයකු වුවත් වෛද්‍ය අංශ මගින් මුහුණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බව තහවුරු කරන තෙක් ඔබට මුහුණු ආවරණ පැළඳීමට සිදුවනවා. එසේ මුහුණු ආවරණ පැළදිය යුතු අවස්ථා..
- රෝගය සමාජයේ බහුලව පවතින බැවින් ඔබ නිවසින් බැහැර වන සෑම අවස්ථාවකදීම, බාහිර පුද්ගලයින් සමග ගැවසෙන් සෑම විටදීම මුහුණු ආවරණය පැලදිය යුතු වනවා..
- ජනාකීර්ණ ප්‍රදේශයක හෝ රැස්වීමක, යම් හමුවක සිටින විට.
- ඇතැම් වාර්ථා මගින් එන්නතකරණය සිදු කල පුද්ගලයින් සඳහා රෝගය වැළඳීම අඩු බව ප්‍රකාශ වූවත් එය වෛද්‍ය අංශ මගින් මෙතෙක් තහවුරු කල නොමැති නිසා අධි අවධානම් සහිත පුද්ගලයින් නැතිනම් එන්නත් ලබා නොගත් පුද්ගලයින් හමු වනවා නම් මුහුණු ආවරණ පැළඳ සිටීම අනිවාර්‍ය වනවා.
- පොදු ප්‍රවාහන පද්ධතිය භාවිතා කරන විට.
මුහුණු ආවරණ පැළදිය යුත්තේ ඇයි?
- මුහුණු ආවරණ පැළඳීමේ ප්‍රධාන අරමුණ වන්නේ රෝගය එක් අයෙකුගෙන් තවත් අයෙකුට සම්ප්‍රේශනය වීම වැළැක්වීමයි. දැනට භාවිතා වන කිසිදු එන්නතක්, රෝගය වැළඳීම 100%කින් පාලනය නොකරන නිසා මුහුණු ආවරණ පැළඳීම වෛද්‍ය අංශ මගින් තවදුරටත් අනිවාර්‍ය කර තිබෙනවා.
- ඔබ අධි අවධානම් ප්‍රදේශයක ජීවත් වන්නේ නම් හෝ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින් සමග ගැවසේ නම් මුහුණු ආවරණය අනිවාර්‍යෙන් පැළඳිය යුතු වනවා.
- තවමත් සියලුම පුද්ගලයින්ට එන්නත් ලබාදී නොමැති බැවින් සමාජයේ එන්නත් කල පුද්ගලයින් සහ නොකල පුද්ගලයින් හඳුනා ගැනීමේ ගැටළුවක්ද පවතින අතර මුහුණු ආවරණ පැළඳීම ලිහිල් කලවිට සියළු දෙනා එය අනුගමනය කරන බැවින් රෝගය පැතිරීමේ අවධානමක් ඇතිවනවා. එබැවින් සියළු දෙනා මුහුණු ආවරණ පැලඳිය යුතුයි යන නිර්ණායක නිසා සමාජය තුලට රෝගය සම්ප්‍රේශනය වීම අවම කරගත හැකියි.
කෙසේ නමුත් ඔබ එන්නත සම්පූර්ණ මාත්‍රාව ලබාගත්තද නොගත්තද ඔබත් ඔබගේ පවුලත් රෝගයෙන් ආරක්ෂා වීම පළමු අපේක්ශාව කරගත යුතු වනවා. ඒ සඳහා වෛද්‍ය අංශ මගින් නිර්දේශ කරන සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැඳීමත් රෝගය ඔබගෙන් තව කෙනෙකුටත් නැතිනම් තව කෙනෙකුගෙන් ඔබටත් සම්ප්‍රේෂණය වීමේ ප්‍රවණතාවය අඩු කර ගැනීමට අදාල පියවර ගැනීම ඔබගේ වගකීමක්.
එමනිසා සැලකිය යුතු පිරිසක් එන්නත් කර රෝගය පාලනය සීමා කර ඇතැයි වෛද්‍ය අංශ තහවුරු කර මුහුණු ආවරණ පැළඳීමේ සීමා ඉවත් කරන තුරු පොදු නීතියට ගරු කිරීම වගකිව යුතු පුරවැසියකු ලෙස ඔබ සතු යුතුකමක්. එමගින් ඔබත් ඔබ අවට සිටින සියලු දෙනාත් මෙම මාරාන්තික රෝගයෙන් ආරක්ෂා කරගත හැකිවනවා.