නත්තල් සමය තවත් හැඩ කරන්නට මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් වෙතින් නවතම ස්වර්ණාභරණ පෙළක්

December 13, 2017
6,604
A new rage from Mallika Hemachandra specially for the season
මල්ලිකා හේමචන්ද්‍ර ජුවෙලර්ස් විසින් නත්තල් සමය වෙනුවෙන් නිමැවුණු සිය නවතම බැගේ(ට්) කට් (Baguette) දියමන්ති සහ කැරට් 22 සිය නවතම රන් ආභරණ එකතුව ඔවුන්ගේ ක්‍රෙස්කැට් හි විවෘත කරන ලද නවතම ශාඛාවේ දි පසු ගියදා එළිදක්වන ලදි. බිරිඳ, මව සහ දියණිය යන කාන්තාවකගේ සියලූම අවස්ථාවන්ට ගැලපෙන උසස් ප්‍රමිතියෙන් යුත් නවීන විලාසිතාවට අනුව සැකසුණු උසස් නිමාවෙන් යුත් ආභරණ එකතුවකින් එම විලාසිතා පෙළ සමන්විතව පවතී. උත්සව සමය මුල්කර ගනිමින් විශේෂ දීමනා හා වාසි රැසක්ද සිය පාරිභෝගිකයින් වෙනුවෙන් පිරිනමන මල්ලිකා හේමචන්ද්‍ර ජුවෙලර්ස් වෙතින් 25%ක වට්ටම් සහිතව මෙන්ම මාස 52කදී වාරික වශයෙන් ගෙවා නිම කිරීමේ හැකියාව සහිතව ආභරණ මිලදී ගැනීමේ පහසුව සලසා දී තිබේ.

ඔබේ ජිවිතයේ ඔබට ඉතාම කිට්ටු කාන්තාවන් තිදෙනා කවුරැද ඒ අන් කවරෙකු වත් නොව ඔබේ අම්මා, බිරිඳ සහ දියණියයි. මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් ආයතනය මෙම උත්සව සමය වෙනුවෙන් ඔබේ ජිවිතයේ ඔබ වඩාත්ම ආදරය කරන කාන්තාවන් තිදෙනා සතුටු කිරිම සදහා නවමු සංකල්පයක් ඉදිරිපත් කර සිටි.

එනම්, ඔබට මෙම තිදෙනාටම කැරට් 22 රනින් නිම වු අලංකාර ස්වර්ණාභරණ 03 ක් රු.35,000 සිට ලබා ගැනිමේ විශේෂ අවස්ථාව දැන් උදා වි ඇත. රු.35,000 කට අලංකාර රන් ආභරණ 03 ක් ඔබේ අම්මාට, බිරිඳ, දියණියට තෑගි දී මෙම උත්සව සමය තුළ පමණක් නොව සදාකාලිකවම ඔවුන්ට මතක සිටින ත්‍යාගයක් පිරිනමන්නට ඔබට පුළුවන්. රන් තිළිණයක් අන් ත්‍යාග මෙන් නොව එය මුලු ජිවිත කාලයටම නොමැකෙන, අගය වැඩි වන ත්‍යාගයක් නිසා මෙම ත්‍යාග ඔවුන් වඩාත් අගය කරාවි.

එමෙන්ම ඔබට Diamond රන් ආභරණ ත්‍යාගයක් ඔබගේ බිරිඳ හා දියණියට ලබා දෙන්නට රු.70,000 සිට ඉහළට හැකියාව ද තිබෙනවා. Diamond ආභරණ සදහා කැමති අයට ඉතා අලංකාර Diamond ආභරණ 02ක් රු.70,000 ක් වැනි සුවිශේෂ මිලකට ලබා ගැනිමේ හැකියාව ඔබට මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් වෙතින් උදා වි තිබෙනවා.

කාලයට ගැලපෙන පරිදි මල්ලිකා හේමචන්ද්‍ර ජුවෙලර්ස් විසින් සෑම උත්සව සමයකදීම විශේෂිත වූ ආභරණ නිමැවුම් පෙළක් එළිදක්වනු ලබන අතර එම විලාසිතා සැමවිටම වයස් භේදයකින් තොරව කාන්තාවන්ගේ සිත් බැඳගැනීමටත්, විලාසිතාවන්ට මන බඳින කාන්තාවන්ගේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වීමටත් සමත්ව ඇත. ආභරණ අතර ඉතා විරල දියමන්ති රටාවක් වන ( Baguette ) කට් යොදා සෘජුකෝණාස්‍රාකාර හැඩයෙන් යුත් දියමන්ති මැදිකරගත් ආභරණ මෙවර උත්සව සමය වෙනුවෙන් ඉතා පහසු මිල ගණන් යටතේ මල්ලිකා හේමචන්ද්‍ර ජුවෙලර්ස් වෙතින් මිලදී ගැනීමේ හැකියාව පවතී. කැරට් 22 රන් ආභරණ මිල රුපියල් 7000 සිට ආරම්භ වන අතර ඉතා ආකර්ෂණීය රෝස් ගෝල්ඩ් ආභරණ පෙළක් ද එම විලාසිතා පෙළ අතරට අයත් වේ. ඊට අමතරව තරුණ පරපුරේ සැහැල්ලු විලාසිතාවන්ට ගැලපෙන චොකලට් පැහැ රන් මිශ්‍රිත ත්‍රිවර්ණ ආභරණ එම එකතුව අතරට හදුන්වා දී තිබේ.

මෙලෙස උත්සව සමය වෙනුවෙන් වෙන් වූ ආභරණ විලාසිතා පෙළක් හදුන්වා දීමට මූලික වූ කරුණු පිළිබඳ පැහැදිලි කරමින් මල්ලිකා හේමචන්ද්‍ර ජුවෙලර්ස් හි කළමණාකාර අධ්‍යක්ෂිකා චමින්ද්‍රි හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ "දශක හතරක් පුරා අපගේ මෙම ව්‍යාපාරය මෙතරම් දුරක් රැගෙන ඒමට පාරිභෝගිකයින්ගෙන් ලැබුණු දාකයත්වය ඉතා විශාලයි. එම කාලය පුරාවට ඔවුන් සමග එක්ව කටයුතු කිරීම තුළින් කාලයට අනුව ඔවුන්ගේ විලාසිතා අවශ්‍යතාවයන් හදුනා ගැනීමට අපට හැකි වුනා. එම අවශ්‍යතාවයන් සපුරාලීම මෙලෙස උත්සව සමය වෙනුවෙන් විලාසිතා හදුන්වාදීම තුළින් ඉටුකිරීම අපගේ අපේක්ෂාව වී තිබෙනවා" යනුවෙනි.

මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් උසස් නිමාව හා ගුණාත්මකභාවය

රන් ලොව සාම්ප්‍රදායික ආභරණ විලාසිතාවන්ගෙන් බැහැරව නවමු විලාසිතාවන්ගෙන් යුත් විශිෂ්ට ගනයේ ආභරණ නිෂ්පාදනයේ අවශ්‍යතාවය සපුරාලමින් 1968 වසරේ දී මල්ලිකා හේමචන්ද්‍ර ජුවෙලර්ස් ආරම්භ කෙරින. එහි සභාපතිනි මල්ලිකා හේමචන්ද්‍ර සහ ඇයගේ දියණිය වන චමින්ද්‍රි හේමචන්ද්‍ර යන මහත්මියන්ගේ අධීක්ෂණය යටතේ නිමැවෙන ආභරණ නිෂ්පාදනය කර හැඩගන්වනු ලබන්නේ මනා පුහුණුව ලැබූ රන් නිර්මාණ ශිල්පීන් විශාල පිරිසකගෙන් යුත් කණ්ඩායමක් විසිනි. ආභරණ සඳහා භාවිතා වන රන් වල උසස් ප්‍රමිතිය පිළිබඳ නිරතුරුවම සැලකිලිමත් වෙමින් පාරිභෝගිකයින්ගේ මුදලට සරිලන උපරිම ගුණාත්මක භාවයෙන් යුත් රන් ආභරණ ලබාදීමට ඔවුන් සැමවිට කැපවී ක්‍රියාකරයි. ඕනෑම වයස් සීමාවකට, සමාජ මට්ටමකට ගැලපෙන රන්, වයිට් ගෝල්ඩ්, රිදී, දියමන්ති සහ අනෙතුත් වටිනා ගල් වර්ග වලින් නිමැවූ පුළුල් පරාසයක් ඔස්සේ විහිදුණු විලාසිතා රැසක් මල්ලිකා හේමචන්ද්‍ර ජුවෙලර්ස් වෙතින් සිය පාරිභෝගිකයින් වෙත හදුන්වා දී තිබේ.

උත්සව සමයේ සුවිශේෂි දීමනා හා වරප්‍රසාද

උත්සව සමයේ සිය පාරිභෝගිකයින් වෙනුවෙන් සුවිශේෂි වට්ටම් සහ පහසු ගෙවීම් ක්‍රම ඇතුළු වරප්‍රසාද රැසක් අත්කර දෙමින් මල්ලිකා හේමචන්ද්‍ර ජුවෙලර්ස් ප්‍රමුඛ පෙලේ බැංකු රැසක් සමග අත්වැල් බැඳ සිටියි. ඇතැම් ප්‍රවර්ධන වැඩසටහන් යටතේ නොමිලයේ රන් ආභරණ ඔප දැමීම, රන් පරීක්ෂාවට ලක් කිරීම සහ රන් ආභරණ පවිත්‍ර කිරීම වැනි සේවාවන් මෙන්ම පැරණි රන් ආභරණ ඉහළ මිලකට හුවමාරු කිරීම වැනි පහසුකම් ද සැලසේ. මේ අතර සම්පත් බැංකු කාඩ් පත් මගින් වාරික 52ක් යටතේ ගෙවීමේ පහසුකම්, ඇමරිකන් එක්ස්ප්‍රස් ක්‍රෙඩිට් කාඩ්පත් (නේෂන් ට්‍රස්ට් බැංකුව) හරහා කැරට් 22 මංගල රන් ආභරණ සඳහා 15%ක වට්ටමක් ද, දියමන්ති සහිත ආභරණ සඳහා 22%ක වට්ටමක් සහ පොළිය රහිත වාරික 20ක් යටතේ ගෙවීම් සිදුකළ හැකි ක්‍රමවේදයක් ද හදුන්වා දී ඇත. ඊට අමතරව සෙලාන් බැංකුව මගින් කැරට් 22 රන් ආභරණ සඳහා 15%ක වට්ටමක් ද, දියමන්ති සහිත ආභරණ සඳහා 20%ක වට්ටමක් ද පිරිනමනු ලබන අතර HNB කාඩ්පත් හිමියන් වෙනුවෙන් කැරට් 22 තනි රන් ආභරණ සඳහා 20%ක වට්ටමක් ද, දියමන්ති ආභරණ සඳහා 20%ක වට්ටමක් සමග වාරික 20ක් යටතේ පොළී රහිත ගෙවීම් ක්‍රමවේදයක් ද හදුන්වා දී තිබේ. HNB කාඩ්පත් සදහා මෙම දීමනා සහ වට්ටම් රුපියල් 25000 සිට රුපියල් මිලියනය දක්වා වන මිලදී ගැනීම් සඳහා වලංගු වේ. ඊට අමතරව කොමර්ෂල් බැංකු ගනුදෙනුකරුවන් සඳහා කැරට් 22 මංගල රන් ආභරණ වෙනුවෙන් 15%ක වට්ටමක් සහ දියමන්ති ආභරණ සඳහා 20%ක වට්ටමක් සමග වාරික 24ක් දක්වා පොළී රහිතව ගෙවීම් සිදුකළ හැක. HSBC ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහන් යටතේ කැරට් 22 තනි රන් ආභරණ සඳහා 15%ක වට්ටමක් සහ දියමන්ති ආභරණ සඳහා 20%ක වට්ටමක් සමගින් වාරික 12ක් යටතේ පොළී රහිතව ගෙවීම් ක්‍රමවේදයක් හදුන්වා දී ඇත. මෙම සියලූ දීමනා හා වරප්‍රසාද හෝර්ටන් පෙදෙස පිහිටි මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් ප්‍රධාන ප්‍රදර්ශනාගාරයෙන් මෙන්ම ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, ලිබර්ටි ප්ලාසා, ජා-ඇල K-Zone, මැජෙස්ටික් සිටි, නුගේගොඩ, ගම්පහ, වෝඩ් සිටි සහ ක්‍රෙස්කැට් හි පිහිටි සියලූ ශාඛා වෙතින් ලබාගත හැකිය. උත්සව සමය වෙනුවෙන් සියලු ප්‍රදර්ශනාගාර උදෑසන 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවෘතව තැබෙන අතර වැඩිදුර විස්තර සඳහා www.mallikahemachandra.com වෙබ් පිටුවට හෝ ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 575 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:13:56 PM
Script:/article/575/a-new-rage-from-mallika-hemachandra-specially-for-the-season.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:13:56 PM
Script:/article/575/a-new-rage-from-mallika-hemachandra-specially-for-the-season.html