මේ face mask එක ගැන නම් ඔයා මීට කලින් අහලා නැතුව ඇති. කියවලා බලලා අමතක නොකර try කරන්න

February 26, 2018
15,257
You must have not heard about this face mask
සමේ හැම ගැටළුවක්ම විසඳන අලුත්ම face mask එකක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඔයා මේ ගැන මීට කලින් අහලා නැති වෙන්න පුළුවන්. ඒත් කමක් නෑ කියවලාම බලන්නකෝ මොකද්ද මේ කියලා. මේ face mask එක කරන්න තියෙන්නේ ගෝවා වලින්.

ගෝවා කියන්නේ පෝෂණීය ගුණය අතින් ඉතා ඉහල එළවළුවක්. ඒ වගේම රුපලාවන්‍ය සත්කාර වලටත් භාවිතා කරන්න පුළුවන් කදිම අමු ද්‍රව්‍යක්. සමේ අධික තෙල් සහිත බව, විඩාබර බව, කුරුලෑ ඇතුළු සම සම්බන්ධයෙන් තියෙන බොහෝ ගැටළු වලට හොඳ විසඳුමක්.

සමේ ඇති වන ඇක්නි වලට එරෙහිව සටන් කරන අතරම මෙහි අඩංගු ස්වාභාවික කෙරටින් නිරෝගී කෙස් කළඹක්, නිය පෙළක් සහ දීප්තිමත් සමක් ලබා දෙන්න උදව් කරනවා. විශේෂයෙන් සම රැලි වැටීම අවම කරමින් සම වයසට යාම අවම කරන්න ගෝවා වලට පුළුවන්. වයස්ගත වීමත් එක්ක සම මත ඇති වන ලප වලටත් මෙය සහනයක්. බලන්නකෝ කොහොමද මේ mask එක හදා ගන්නේ කියලා.

මේ face mask එක කියන්නේ වියලි සමක් තියෙන අයට

නැවුම් ගෝවා 2-3 ක්
සහල් පිටි තේ හැඳි 2ක්
ආමන්ඩ් හෝ ඔලිව් තෙල් බිංදු කිහිපයක්

ගෝවා කොළ හොඳින් බ්ලෙන්ඩර් කර එයට සහල් පිටි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඊළඟට ආමන්ඩ් හෝ ඔලිව් තෙල් එකතු කර මුහුණේ ආලේප කර විනාඩි 20කින් සෝදා ඉවත් කරන්න. ඉවත් කිරීමට මද උණුසුම් වතුර පාවිච්චි කරන්න

තෙල් සහිත සමක් තියෙන අය,

ගෝවා සහ සහල් පිටි කලින් විදියටම පිළියෙළ කර ගෙන එයට බිත්තර සුදු මදය එකතු කරන්න. තෙල් සහිත සමක් තියෙන අය කිසිම වෙලාවක තෙල් වර්ග ආලේප නොකරන්න මතක තියා ගන්න. පිරිසිදු කර ගත් මුහුණේ ආලේප කර විනාඩි 20කින් උණුසුම් වතුරින් සෝදා ඉවත් කරන්න.

සමේ තෙතමනය හා තරුණ පෙනුම ආරක්ෂා කර ගැනීමට ගෝවා එක්ක මේ දේවල් try කරලා බලන්න.

කුඩාවට කපා ගත් කුඩා ප්‍රමාණයේ කැරට් අලයක්
ගෝවා කොළ 2ක් හෝ 3ක්
නැවුම් ලෙමන් යුෂ තේ හැන්දක් .
මී පැණි තේහැදි2ක්
ඔලිව් තෙල් තේ හැන්දක්

මුලින්ම කැරට් හොඳින් බ්ලෙන්ඩර් කර පසුව එයට ගෝවා කොළ එකතු කර නැවත බ්ලෙන්ඩර් කර ගන්න. ඒ මිශ්‍රණයට ලෙමන්, මී පැණි,ඔලිව් තෙල් එකතු කර හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 30කින් සෝදා ඉවත් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 674 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:51:49 AM
Script:/article/674/you-must-have-not-heard-about-this-face-mask.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:51:50 AM
Script:/article/674/you-must-have-not-heard-about-this-face-mask.html