බැදගත් කලවම් බෝංචි මෝජුව :
තුන්දෙනෙක් සඳහා
ගතවන කාලය විනාඩි 20
අවශ්‍ය ද්‍රව්‍ය :
එළවළු තෙල් මේස හැඳි 2
ලොකු ළූණු , සුදු ළූණු , ඉඟුරු (තුනී ආකාරයට කපාගත්) තේ හැඳි 1 බැගින්
බෝංචි, මෑකරල්, දඹල (එක් එක් හැඩයට කපාගත්) ග්‍රෑම් 50 බැගින්
තක්කාලි (කොටු කපාගත්) ගෙඩි 1
අමු මිරිස් (කපාගත්) කරල් 3
මාළු මිරිස් (කොටු කපාගත්) කරල් 1
තක්කාලි සෝස් මේස හැඳි 1
විනාකිරි තේ හැඳි 1
අබ තැවරුම තේ හැඳි 1
තුනපහ කුඩු, කහ කුඩු ස්වල්පය බැගින්
ලුණු, ගම්මිරිස් රස පදමට
දැන් බැදගත් බෝංචි මෝජුව හදමු.
1. බඳුනක් ගෙන එයට එළවලු තෙල් එකතු කර රත්වු පසු එයට සිහින්ව කපාගත් ලොකු ළූණු, සුදු ළූණු ,ඉඟුරු , එක්කර තෙම්පරාදු කරගන්න.
2. ඉන්පසු එයට කපාගත් බෝංචි වර්ග තුන එක් කරගෙන ටික වේලාවක් තෙම්පරාදු කරගන්න.
3. දැන් එයටම කපාගත් අමු මිරිස්, මාළු මිරිස්, තක්කාලි සෝස්, විනාකිරි, අබ තැවරුම, කහ, තුනපහ කුඩු ද එක්කර හොඳින් කලවම් කර රස පදමට ලුණු, ගම්මිරිස් දමා අවසානයේ කොටු කපාගත් තක්කාලි ද එක්කර ගන්න.