අවශ්‍ය ද්‍රව්‍ය :
කුකුල් මස් ග්‍රෑම් 500
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
ලුණු රස පදමට
බිත්තර 2
කෝන් පිටි ග්‍රෑම් 50
තෙල් බැදගැනීමට
ඉඟුරු (අඹරාගත්) ග්‍රෑම් 10
සුදු ළූණු (අඹරාගත්) ග්‍රෑම් 10
ලොකු ළූණු (කුඩාවට කපාගත්) ග්‍රෑම් 50
අමු මිරිස් (කුඩාවට කපාගත්) ග්‍රෑම් 25
කෑලි මිරිස් තේ හැඳි 2
සියඹලා යුෂ මේස හැඳි 2
සිනී අවශ්‍ය පමණට
පිළියෙළ කර ගන්නා ආකාරය :
1. මුලින්ම සෝදා පිරිසිදු කරගතත් කුකුල් මස් කුඩා කෑලිවලට කපාගන්න.
2. එයට ලුණු, ගම්මිරිස්, බිත්තර, කෝන් පිටි දමා හොඳින් පදම් කර රත් වූ ගැඹුරු තෙලේ බැදගන්න.
3. ඉන්පසුව වෙනත් සුදුසු භාජනයක් ලිප තබා එයට තෙල් මේස හැඳි දෙකක් දමා රත්වන විට එයට ඉඟුරු, සුදු ළූණු, ලොකු ළූණු, අමු මිරිස්, කෑලි මිරිස් දමා තෙම්පරාදු කරගන්න.
4. දැන් එයට සියඹලා යුෂ සහ සීනි එකතු කර හොඳින් කලවම් කර එයටම බැදගත් කුකුල් මස් දමා කලවම් කර ගන්න.