අලුත් අවුරුද්දට shopping කරන්න යන්න කලින් මේකත් කියවලාම යන්න

March 26, 2018
5,537
Read this before going for new year shopping
 
කාලය ගත වෙලා යන ඉක්මන ගැන නම් ඉතින් හිතා ගන්නවත් බෑ. ගිය අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්ද සමරලා වැඩි දවසක් ගත වෙලා නෑ වගේ දැනුනට දන්නෙම නැතිව අවුරුද්දක් ගෙවිලා ගිහින් තවත් සිංහල අලුත් අවුරුද්දක් උදා වෙන්න කාලයත් ළං වෙලා. සිංහල අලුත් අවුරුද්ද කියන්නේ සිංහල, හින්දු අපි හැමෝගෙම උත්සව සමය. මේ කාලය එනකන් අපි කවුරුත්, හරි නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා. මොකද මේ කාලය අපිට හරිම විශේෂයි. මේ කාලෙට ඉතින් ගෙදර දොරේ හැම දේම වගේ අලුත් වෙනවා.

ඒ වගේම තමයි මේ කාලේදී හැමෝම අනිවාර්යෙන් කරන දෙයක් තියෙනවා. ඒ තමයි shopping කරන එක. කොච්චර ආර්ථික අඟහිඟකම් ගැන කියා කියා හිටියත් මේ දවස් වලට කොහොම හරි අලුතින් බඩු මුට්ටු ටිකක්ල ඇඳුම් පැළඳුම් ටිකක් ගන්න කිසි කෙනෙක් අමතක කරන්නේ නැහැ. කාන්තා පාර්ශවය shopping කරන්න ගියහම ඉතින් දන්නවනේග එකට සීමාවක් නැති තරම්. පිරිමි පාර්ශවයේ ගොඩක් දෙනා තමන්ගේ බිරිඳ හෝ පෙම්වතිය එක්ක shopping කරන්න යන්න අකමැතිත් ඒ නිසානේ.

අවුරුදු කාලේදී shopping කරන්න ගියාම සීමාවක්, ඉවක් බවක් නැතුව බඩු-මුට්ටු එකතු කර ගන්නේ නැතිව අවශ්‍ය දේවල් විතරක් ගන්න මතක තියා ගන්න. අපේ ගොඩක් අය shopping කරලා ගෙදර ඇවිත් බලද්දී අවශ්‍ය දේවල් වලට වඩා අරගෙන තියෙන්නේ අනවශ්‍ය දේවල්. ඒ නිසා මේ පාර අවුරුද්දට shopping කරද්දී ඔක්කොටම කලින් ඕන කරන බඩු ටිකේ list එකක් හදා ගන්න. අවශ්‍යම දේවල් හැරුණම අනවශ්‍ය දේවල් වලට මුදල් නාස්ති කරන එක මේ පාර ඉඳලා වත් නවත්තන්න.
shopping කරන්න යන වාර ගණන අඩු කරන්න. අවශ්‍ය දේවල් සියල්ල එක වර රැගෙන එන්න. එහෙම නැති වුනොත් යන යන වතාවට මොකක් හෝ අනවශ්‍ය දෙයක් මිලදී ගන්න ඔබ පෙළඹෙනවා. අනික ඉතින් අවුරුදු කාලෙට වෙනදට වඩා අවශ්‍යතාත් වැඩි වෙනවනේ. මෙන්න මේ විදිහට තමයි නිතරම බඩු ගන්න යද්දී නොදැනීම මුදල් අතින් දිය වෙලා යන්නේ. ඒ නිසා අවුරුදු සමයට අවශ්‍ය කරන බඩු බාහිරාදිය සියල්ල එකම දවසකින් ගෙදරට ගෙන්න.

ඒ වගේම නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය ගන්න සුපිරි වෙළඳසැල් වලටම යන්න අවශ්‍ය නැහැ. ඒවායේ භාණ්ඩ වල මිය ගණන් සාමාන්‍ය මිල ගණන් වලට වඩා වැඩියි. තියෙන මුදල් ටික නාස්ති වෙන්න එය තවත් හේතුවක්. ඒ නිසා අඩු මිලට හොඳම දේ ගන්න තියෙන තැන් උවමනාවෙන්ම මඟ හරින්න එපා.

credit card වලින් ගනුදෙනු කරන අයත් ඉතාමත් ප්‍රවේසමෙන් ඒක පාවිච්චි කරනවා නම් තමයි හොඳ. අවුරුදු කාලේදී credit card පාවිච්චි කිරීමෙන් නොදැනුවත්වම ඔබ ලොකු ණයකාරයෙක් වෙන්න තියෙන ඉඩ ඉතා වැඩියි. ඒ වගේම එයට ලොකු පොලියකුත් එකතු වෙන නිසා ඔයාගේ මුදල් නිකරුනේ නාස්ති වෙලා යන්න එය හේතුවක්. ඒකට තියෙන හොඳම හා නිවැරදිම විසඳුම NDB බැංකුව වෙතින් ඔබට ලබා දී තියෙනවාග NDB Good Life Card කියන්නේ කිසිම බයක් සැකක් නැතිව ඔබට ගනුදෙනු කරන්න පුළුවන්, ඒ වගේම ඔබට විශේෂ දීමනා සහ ඔබ බලාපොරොත්තු වුනු වාසි සියල්ලක් එක්කම අවම පොලි අනුපාතයක් එක්ක ඔබට සරිලන සුවිශේෂී credit card එකක්. ඉතින් ඒ හැම දෙයක්මත් මඟ හැර ගන්නේ නැතුව මේ පාර අවුරුද්ද සැමරුවා නම් හොඳයි නේදර?

ඉතින් මෙන්න මේ කිව්ව දේවල් ගැනත් සිහියේ තියාගෙන මේ පාර shopping කරන්න එලියට බහින්න. අමාරුවෙන් හම්බ කරපු හැම සතයක්ම අනවශ්‍ය දේවල් වලට වියදම් නොකර අවශ්‍ය දේ විතරක් මිලට ගන්න. ඔබේ මුදල් නාස්තිය අවම කර ගන්න. මොකද වියදම් කරනවා වගේ ලේසියෙන් අපිට සල්ලි හම්බ කරන්න බැහැනේ.

NDB Bank

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 724 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:55:25 PM
Script:/article/724/read-this-before-going-for-new-year-shopping.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:55:25 PM
Script:/article/724/read-this-before-going-for-new-year-shopping.html