ඔබත් දවසේ වැඩි හරියක් දිගටම වාඩි වී වැඩ කරන කෙනෙක්ද?

February 22, 2017
6,222
What happen when you sit for long time
නවතම පරීක්ෂණයකින් ඔප්පු වෙලා තියෙනවා දවසේ වැඩි වේලාවක් එක දිගට වාඩි වෙලා වැඩ කරනකොට සෞඛ්‍යට අහිතකරව බලපානවා කියලා. දිනයේ වෙන වෙලාවක වියායාම කලා කියලා මේ සෞඛ්‍ය හානිය මගහරවා ගන්න බෑ කියලා තමයි වාර්තා වෙන්නේ.

වත්මන් කාර්යාලවල බොහෝ දෙනා වැඩි වේලාවක් කරන්නේ පරිඝණකය ඉදිරියේ වැඩි වේලාවක් වාඩි වෙලා කටයුතු කරන එක. මෙහෙම වැඩ කරන අය ඔනෑම රෝගයකින් මියයෑමේ වැඩි අවදානමක් තියෙනවා. ඒ නිසාම මේ නව සොයා ගැනීමට "අලුත් දුම් බීම" (THE NEW SMOKING) කියලාත් හදුන්වනවා.

මෙහෙම පැය ගානක් වාඩි වෙලා ඉන්න අයගේ මාන්ශ පේශී දුර්වල වෙලා රුධිරයේ ඇති මේදය දහනය කරනවා වෙනුවට, රුධිරයේ ග්ලූකෝස් දහනය කරන්න පෙළබෙනවලු. මේ විදිහට රුධිරයේ ග්ලුකෝස් අඩු වුනහම අපිට බඩගින්නත් වැඩිපුර දැනෙනවා. එතකොට, තව තවත් අහාර ගන්න අපි පෙළබෙනවා.

වැඩියෙන් ආහාර ගත්තහම, රුධිරයේ ග්ලුකෝස් වැඩි වෙනවා. රුධිරයේ මේදය දහනය නොකරන නිසා, රුධිරගත මේද ප්‍රමානයත් වැඩි වෙනවා. මේ හේතු නිසා දියවැඩියාව, පිළිකා, අධික රුධිර පීඩනය, හර්ද රෝග, ඇදුම, ආතරයිටීස් හා තරබාරුකම යන රෝග තත්ත්වයන් ඇති කරනවා.

අද කාලයේ බොහෝ දෙනාට තියෙන ලොකු ගැටලුවක් වෙලා තියෙන්නේ කෑමෙන් පරිස්සම් වෙලා, වියායාම කරත් තරබාරුකම, රුධිර පීඩනය, රුධිර සීනි මට්ටම අඩුවක් නෑ කියන එක. මේ හැමදේටම හේතුව එක දිගට එකම තැනකට වෙලා හිදගෙන හිදීම කියලා තමයි පරීක්ෂණ වාර්තා කියන්නේ.

ඉතින් අපි හැමෝම දැන දැනම ලෙඩ ගොඩක් හදාගන්නේ මොකටද? එහෙමයි කියලා කාර්යයාලයේ වැඩ නොකර ඉන්නත් බෑනේ.

එක දිගටම වාඩි වෙලා වැඩ කරන අයට කියන්න තියෙන්නේ, විනාඩි 30කට සැරයක්වත් තමන්ගෙ ආසනයෙන් නගිටලා ඉක්මන් පියවර කිහිපයක් තියලා ගමන් කරලා නැවත ඇවිත් වාඩි වෙලා වැඩ කරන්න. පුලුවන්නම් ඈත තියෙන කොල පාට ගස් කොල දිහා ටිකක් වෙලා බලන් ඉන්න. මේ කියන්නේ කලේ නාස්ති කරන්න කියලා නෙමෙයි.

මෙහෙම කලහම මොළයට විවේකයක් ලැබිලා ඔබේ කටයුතු වඩා ඵලදායකව කරගන්න ලැබෙනවා කියලා තමයි වාර්ථා වෙන්නේ.

දැන දැනම රෝගී වෙනවාට වඩා, තමන්ගේ අධික වැඩ අතරේ තමන්ගේ සෞඛ්‍ය ගැන ටිකක් හිතලා වැඩ කරන්න.

තොරතුරු අන්තර්ජාලය අසුරෙන්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 74 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:35:46 AM
Script:/article/74/what-happen-when-you-sit-for-long-time.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:35:46 AM
Script:/article/74/what-happen-when-you-sit-for-long-time.html