එළු මස් සුප් - Recipe

May 21, 2018
928
Mutton Soup Recipe
ගතවන කාලය පැය 1 විනාඩි 15

අවශ්‍ය ද්‍රව්‍ය :

කටු සහිත එළු මස් ග්‍රෑම් 500 ක්
මාගරින් තේ හැඳි 2 ක්
කපාගත් රතු ළූණු ග්‍රෑම් 100ක්
කපාගත් සුදු ළූණු ග්‍රෑම් 20 ක්
අර්තාපල් ග්‍රෑම් 100 ක්
කැරට් ග්‍රෑම් 100 ක්
ලීක්ස් සුදු ග්‍රෑම් 50 ක් (ගසේ දඬු කොටස)
බාර්ලි ග්‍රෑම් 20 ක්
කපාගත් සැල්දිරි දඬු ග්‍රෑම් 100 ක්
ගම්මිරිස් ස්වල්පයක්
ලුණු
වතුර ලීටර 6ක්

පිළියෙළ කරගන්නා ආකාරය :

1. එළුමස් ටික ගෙන සෝදා පිරිසිදු කරගෙන කටුත් එක්කම පොඩි කෑලිවලට කපාගන්න.

2. භාජනයකට වතුර ටිකක් ගෙන ලිප තබා උතුරවා ගන්න.

3. වතුර උතුරද්දී කපාගත් එළුමස් දමා විනාඩියක් විතර තම්බා වතුර පෙරා ගන්න.

4. දැන් තව භාජනයක් ලිප තබා එයට මාගරින් දමා රත්කර ගන්න.

5. රත්වූ මාගරින්වලට කපාගත් රතු ළූණු, සුදු ළූණු එළවළු දමා තරමක් තෙම්පරාදු කරගන්න.

6. දැන් එයටම එළු මස් සහ බාර්ලි එකතු කර පැයක් පමණ තම්බාගන්න.

7. අවසානයේ රස පදමට ලුනු ගම්මිරිස් එකතු කර ලිපෙන් බාගන්න.

ඔබට අවශ්‍ය ආකාරයට ප්‍රමාණයන් අඩු වැඩි කරගත හැක.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Eat these to live more
   3,625
   1,670

මැරෙන්න නෙමෙයි වැඩිකල් ජීවත් වෙන්න ඕන නම්, මේවා වැඩිපුර කන්න කියන්න හේතුව මෙන්න

ඔයා මේ ලිපිය කියෙව්වට පස්සේ හැමදාම හරි සලාද කොළ ආහාරයට එකතු කර ගනියි කියලා හැඩකාරී අපි හිතනවා
How to get rid of blackheads on face
   1,730
   1,459

බ්ලැක් හෙඩ්ස් (blackheads) වදය නැති කර ගන්න ඔයත් කැමතිද

ගෙදර ඉඳලම blackheads නැති කර ගන්න tips 5ක්
Lets see if your love affair a successful one
   1,069
   863

ඔයාගේ ආදර සම්බන්ධයත් සාර්ථකද කියලා බලමු

බලන්න ඔයාගේ සම්බන්ධතාවයත් සාර්ථක එකක්ද කියලා
Eat dates for better health and beauty
   2,063
   755

රුව වඩවා නිරෝගීව ඉන්න ඕන නම් රට ඉඳි කන්න

රටඉඳි වල ගුණය එහෙමත් නැත්තම් පෝෂණය ඔයා හරියට දැනගෙන ආහාරයට ගත්තොත් ඔයාගේ සිරුරට අවශ්‍ය පෝෂණය ලබාගන්න අමතර පෝෂක කොටස් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නෑ
Your negligence is the reason for your hair damage
   2,935
   358

හිසකෙස් රෝගවලට හේතුව ඔබේ නොසැළිකිලිමත්කමයි

හිසකෙස් ගැටළුවලට නිසි විසදුමක් නොසොයා පරණ පුරුදු වලින්ම කේශ කලාපය නඩත්තු කරන්න ගියොත් ඔයාට නිරෝගී කෙස් කලඹක් ලබා ගන්න එක නම් පහසු වෙන එකක් නෑ

Latest Articles

Most Viwed