චිකන් චට්නි රෝස්ට් - Recipe

August 28, 2018
3,664
Chicken Chutney Roast Recipe
චිකන් චට්නි රෝස්ට් හැදීමට අවශ්‍ය දේ :

කුකුල් මස් (කැබලි කපාගත්) ග්‍රෑම් 250
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
ගම්මිරිස් කුඩු ග්‍රෑම් 10
පොල් තෙල් අවශ්‍ය පමණට
කරාබු නැටි ග්‍රෑම් 5
එනසාල් ග්‍රෑම් 5
කුරුඳු පොතු ග්‍රෑම් 10
ලොකු ලූනු (කපාගත්) ග්‍රෑම් 50
රම්පේ කැබැල්ලක්
කරපිංචා ඉත්තක්
සේර කැබැල්ලක්
සුදු ලූනු ග්‍රෑම් 10
කොච්චි මිරිස් ග්‍රෑම් 30
මිරිස් කුඩු ග්‍රෑම් 30
තුනපහ කුඩු ග්‍රෑම් 20
කහ කුඩු ග්‍රෑම් 10
තක්කාලි ග්‍රෑම් 30
පොල් කිරි අඬු කෝප්ප 1
අඹ චට්නි මේස හැඳි 2

චිකන් චට්නි රෝස්ට් හදමු

01. ලුණු, ගම්මිරිස් දමා කුකුල් මස් පදම් කරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.

02. බඳුනක් ගෙන එයට තෙල් දමා එය රත් වූ පසු එයට කරාබු නැටි, එනසාල්, කුරුඳු පොතු දමා එයට ලොකු ලූනු, රම්පේ, කරපිංචා, සේර, සුදු ලූනු, කොච්චි මිරිස් දමා ඒවා රන්වන් පැහැ වන තෙක් බැදගන්න.

03. ඉන්පසු එයට මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු, එක්කර තෙම්පරාදු කර එයටම තක්කාලි සහ පොල් කිරි එක්කර උතුරවා ගන්න.

04. දැන් එයට රස පදමට ලුණු, ගම්මිරිස් කුඩු එක්කර බැදගත් කුකුල් මස් දමා සහ අඹ චට්නි එකතු කර පිසගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1048 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:25:19 PM
Script:/article/1048/chicken-chutney-roast-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:25:19 PM
Script:/article/1048/chicken-chutney-roast-recipe.html