ලොව පුරා පෝෂණවේදීන්, වෛද්‍යවරුන් විසින් කොස්, වරකා ආහාරය ගැනීමෙන් ශරීරයේ ප්‍රතිෂක්තීකරණය සැළකියයුතු ලෙස ඉහල නන්වාගන්න පුළුවන් බව තහවුරු කළ කරුණක්.කවුරුත් කැමති ප්‍රණීත පලතුරක් වන වරකා වලින් ශරීරයට විටමින් C වගේම ශක්තිය ලබා ගන්න පුළුවන් මිල්ක් ෂේක් එකක් හදමු.
අවශ්‍ය ද්‍රව්‍ය :
ඇට ඉවත් කර ගත් වරකා මදුළු 300g (කෝප්ප 1 1/2 ක් පමණ)
උකු පොල් කිරි 250ml (කෝප්පයක් පමණ)
සිහින්ව කපා ගත් කිතුල් හකුරු තේ හැඳි 2-3ක්
වතුර 150ml (කෝප්ප 1/2 ක් පමණ)
අයිස් කැට 6-8ක්
වැනිලා අයිස් ක්‍රීම් මේස හැඳි 2-3ක්
සාදන ක්‍රමය :
01. වරකා මදුළු පොඩියට කපා බ්ලෙන්ඩර් එකට දාන්න.
02. එයටම පොල් කිරි සහ හකුරු දමා බ්ලෙන්ඩ් කරන්න.
03. එයට වතුර, අයිස් කැට සහ අයිස් ක්‍රීම් ද එක් කර බ්ලෙන්ඩ් කරන්න.
04. කැමැත්ත අනුව කුඩාවට කපා ගත් කජු හෝ වරකා වලින් සරසා පිළිගන්වන්න.