සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් - Recipe

November 22, 2018
5,646
Seafood Fried Rice Recipe
විශේෂ අවස්ථාවන්ට නෑදෑ හිත මිතුරන්ගේ හිත පුරවන්න පුළුවන් විදිහේ බතක් හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

බාස්මතී හාල් කෝප්ප 02
වතුර කෝප්ප 03
කජු 100g 
මුද්දරස්පලම්  50g 
ග්‍රීන් පීස්  50g 
ඉස්සන්  250g
ගසා ගත් බිත්තර 2
කපා ගත් ළූණු ගෙඩි 02
කරාබු නැටි 02
කුරුඳු කැබලි 01
සේර කැබලි
කහකුඩු තේ හැඳි 1/2
ලුණු ස්වල්පයක් 
ගම්මිරිස් ස්වල්පයක්
මාගරින් 100g
ලූණු කොල ඉති 2ක් (කැමති නම් පමණක්)

සාදන ක්‍රමය :

01. බත් ටික මාගරින් 50g ක්, ලුණු කුඩු, කහ කුඩු, කුරුඳු පොතු, කරාබු නැටි හා වතුර දමා පිස ගන්න. බාස්මති පිසීමට සෑම විටම හාල් කෝප්ප 1කට වතුර කෝප්ප 1 1/2ක් එක් කල යුතුයි.

02. සුද්ද කරගත් ඉස්සන් ටිකට ලුණු සහ ගම්මිරිස් තේ හැඳි 1/4 බැගින් එක් කර පදම් වීමට පසෙකින් තියන්න.

03. තරමක භාජනයක් ලිපේ තබා එයට ඉතිරි මාගරින් 50g එකතු කරන්න. මාගරින් දිය වෙන විට එයට සේර කොලය එකතු කරන්න. එයටම ළූණු එකතු කර, ළූණු බැදීගෙන එන විට ඉස්සන් එකතු කර තරමක් බැදෙන්න හරින්න.

04. එයට කජු, ග්‍රීන් පීස්, මුද්දරස්පලම් දමා බැද, පිසගත් බත් එයට එකතු කරගන්න. සියලු දේ එකට මිශ්‍ර කර ඒ මතට ගසා ගත් බිත්තර ටික වත් කරන්න. හොඳින් කලවම් කරන්න. බිත්තර සියල්ල පිසිණු පසු බත ලිපෙන් බා ගන්න. පිළිගන්වන විට සිහින්ව කපාගත් ලූණු කොල උඩින් ඉසින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1177 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:06:11 PM
Script:/article/1177/seafood-fried-rice-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:06:12 PM
Script:/article/1177/seafood-fried-rice-recipe.html