හැමෝම ගෙදර ඉදන් වයින් හදාගන්න කැමති ඇති. තැඹිලි වයින් කියන්නේ නත්තල් සමයේ නිවෙස් වල සාදන ප්‍රසිද්ධ වයින් වර්ගයක්. හැඩකාරී අපි ඔයාට ඔයාගේ ගෙදර ඉඳලම තැඹිලි වයින් පහසුවෙන් සකස් කර ගන්න හැටි කියලා දෙන්නයි යන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය :
තැඹිලි වතුර - ගෙඩි 4ක
ඊස්ට් තේ හැඳි - 1
කැරමල් -250g
සිනි - 750g
දෙහි යුෂ තේ හැඳි - 1
කරාබු නැටි ස්වල්පයක්
කරදමුංගු කරල් - 4
කුරුදු පොතු ස්වල්පයක්
සාදන ක්‍රමය :
01. මද උණුසුම් වතුර කෝප්ප 1/2 යකට ඊස්ට් සහ සිනි ස්වල්පයක් දමා දියකර ගන්න.
02. එයට තැඹිලි වතුර සහ සිනි එක්කර ගන්න.
03. දෙහි යුෂ, කරදමුංගු, කරාබු නැටි, කුරුඳු පොතුද එක්කර විදුරු බඳුනකට දමා රෙදි කැබැල්ලකින් දින 10ක් පමණ කාලයක් වසා තබන්න.
04. 11 වන දිනයේ එය පෙරා එයට කැරමල් කරගත් සීනි එකතු කර ගෙන තවත් දින 3ක් වස තබා බිමට ගන්න.