අද හැඩකාරි අපි ඔයාට ගෙදරට එන අමුත්තන්ට ඒ වගේම ගෙදර ඉන්න දඟ පොඩ්ඩන්ට ලොව පුරා ප්‍රසිද්ධ රසවත් කැපචීනෝ එකක් හදන හැටි කියල දෙන්නයි යන්නේ
අවශ්‍ය ද්‍රව්‍ය :
සිහින්ව කපා ගත් පොල් කැබලි කෝප්ප 1
නෙස්කැෆේ කෝපි කුඩු කෝප්ප - 1/2
සීනි මේස හැඳි - 2
කිරි කෝප්ප - 1/2
පොල් කිරි කෝප්ප - 1/2
අයිස් කැට කෝප්ප - 2
චොකලට් සිරප් කෝප්ප - 1/2
විප් ක්‍රීම් කෝප්ප - 1/2
සාදන ක්‍රමය :
01.කපා ගත් පොල් කැබලි අවන් එකට දමා බේක් කර හෝ ලිප තබා යන්තම් දුඹුරු පැහැ වන තෙක් රත් කර ගෙන නිවෙන්නට තබන්න.
02.ඉන්පසුව කෝපි කුඩු, සීනි, කිරි, පොල් කිරි, අයිස් කැට, බේක් කර ගත් පොල් කැබලි වලින් ටිකක් සහ විප් ක්‍රීම් ටිකක් බ්ලෙන්ඩරයට දමා හොඳින් ගසා ගන්න.
03.ඉන්පසුව ඒවා වීදුරු වලට දමා උඩින් ඉතිරි විප් ක්‍රීම්, බේක් කර ගත් පොල් කැබලි සහ චොකලට් සිරප් වලින් සරසන්න.