විවේක දවස්වල වෙනදා උයපු පිහපු දේ වෙනස් විදිහට අත්හදා බලන්න පුලුවනි. එහෙමනම් මාලුමිරිස් පුරවා හදා ගමුකෝ...
අවශ්‍ය දේ :
දිග මාළු මිරිස් කරල් 5 ක්
බැදගැනීමට ප්‍රමාණවත් තරම් තෙල්
බිත්තරයක්
ලොකුළූණු ගෙඩියක්
උම්මලකඩ ග්‍රෑම් 50 ක්
එනසාල් ඇට කීපයක්
කරපිංචා ඉත්තක්
කෑලි මිරිස් මේස හැඳි දෙකක්
පාන්පිටි ග්‍රෑම් 10 ක්
සේර කැබැල්ලක්
සිහින්ව ලියාගත් සුදුළූණු මේස හැන්දක්
දෙහි යුෂ මේස හැන්දක්
පාන් කුඩු ග්‍රෑම් 150 ක්
සාදන අන්දම :
01. මුලින්ම මාළුමිරිස් කරල් උතුරන වතුරට දමා විනාඩි 5 ක් පමණ තබන්න. එම වතුරට ලුණු ස්වල්පයකුත් එකතු කරන්න.
02. දැන් භාජනයකට තෙල් ටිකක් ලිප තබා එයට ලියාලත් සුදුළූණු, ලොකුළූණු, උම්මලකඩ, එනසාල් ,කෑලි මිරිස්, සේර, කරපිංචා, කෑලි මිරිස් එකතු කර තැම්බෙන්න තබන්න.
03. දැන් මාලුමිරිස් කරල් දිග අතට කපන්න. ඔබ සාදා ගත් පිරවුම මෙය ඇතුලට දැමිය හැකි විදිහට පලා ගන්න.
04. පාන්පිටි උකුවට දියකර ගෙන එයට බිත්තරයත් ගසා ගෙන දමන්න.
05. දැන් ඔබ සාදා ගත් මිශ්‍රණය කරල් ඇතුලට පුරවන්න. අර පැලුම ඇති තැනට බිත්තර සාරු ආලේප කරන්න. එවිට පිරවුම පිටට යෑම වැලකේ.
06. දැන් මේ මිශ්‍රනයේ මාළුමිරිස් බහා ඒවා පාන්කුඩුවල දවටා ගැඹුරු තෙලෙන් බදින්න.
එන්.ඒ.පි.සි