මින්ස් පායිස් - Recipe

December 14, 2018
5,830
Mince Pies Recipe
නත්තල් සමයේ කෑම මේසය රසවත් කරන්නට නැතිවම බැරි අතුරුපසක් තමයි මින්ස් පායි කියන්නේ. අපි අද කියල දෙන්නේ හරිම ලේසි විදිහට මින්ස් පායි හදන විදිහක්.

අවශ්‍ය ද්‍රව්‍ය : (මින්ස් පායි 18කට )

බටර් 225 (සිසිල් කුඩා කොටු)
හලාගත් පාන් පිටි 350g
සිහින්ව කුඩු කරගත් දුඹුරු සීනි 100g
මින්ස් මීට් 280g
කුඩා බිත්තර 1
උඩින් ඉසීමට අයිසින් සීනි

සාදන ක්‍රමය :

01. පේස්ට්‍රි එක සෑදීමට, කුඩාවට කපා ගත් බටර් කොටු ටික පිටි එකට දමා ඇඟිලි තුඩු වලින් පිටි සමග මිශ්‍ර කරමින් පොඩි කරගන්න. එයට සීනි ටික හා ලුණු පොඩ්ඩක් එකතු කරන්න.

02. මිශ්‍රණය ගුලියක් ලෙස එන තෙක් අතින් තද කරමින් අනන්න. මේ පේස්ට්‍රි මිශ්‍රණය එවෙලේම් හෝ ශීතකරණයේ තබා පසුව හෝ පායි ක්‍රස්ට් එකට පාවිච්චි කරන්න පුලුවන්.

03. අවන් එක සෙල්සියස් අංශක 200/ ගෑස් මාක් 6 / ෆැරන්හයිට් 180 ට රත් වෙන්න හරින්න.

04. පේස්ට්‍රි කුඩා බෝල ගෙන මෆින් බේකින් ට්‍රේ එකේ වලවල් වැසෙන සේ පේස්ට්‍රි ක්‍රස්ට් එක තුනී කරගන්න.

05. හැන්දකින් මින්ස් මීට් ටික ටික ක්‍රස්ට් එක මත පුරවන්න.

06. ඉතිරි පේස්ට්‍රි ටික ලෑල්ලක් මත තුනී කර තරු හෝ රවුම් හැඩ කපා මින්ස් මීට් මත තබන්න.

07. බිත්තරය ගසා තරු මත බ්‍රෂ් කරන්න. රන්වන් පැහැ වනතුරු විනාඩි 20ක් බේක් කරගන්න. අවන් එකෙන් පිටතට ගෙන විනාඩි 5ක් පමණ බේකින් ට්‍රේ එකේම නිවෙන්නට හැර වයර් රැක් එකකට අයින් කරන්න.

08. අයිසින් සීනි ඩස්ට් කර පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1203 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:34:51 PM
Script:/article/1203/mince-pies-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:34:51 PM
Script:/article/1203/mince-pies-recipe.html