ෂවර්මා කන්න කඩේටම යන්න ඔනිද?

March 14, 2017
13,935
Chicken Shawarma Recipe
කුකුල් මස් සදාගැනීමට අවශ්ය දේවල්

කටුරහිත කුකුල් මස් 500g
කපාගත් සුදු ළූණූ තේ හැදි 2ක්
සොයා සෝස් තේ හැදි 2ක්
චිලී සෝස් මේස හැදි 2ක්
ලුණු ස්වල්පයක්
යෝගට් 1ක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1ක්
විනාකිරි තේ හැදි 2ක්
තෙල් මේස හැදි 2ක්

එලවළු මිශ්‍රණයට අවශ්ය දේවල්

වතුර කෝප්ප 1ක්
විනාකිරි කෝප්ප 1ක්
ලුණු තේ හැදි 2ක්
සීනී තේ හැදි 2ක්
සිහින් තීරුවට කපාගත් කැරට් කෝප්ප 1
සිහින් තීරුවට කපාගත් පිපිඤ්ඤා
සිහින් තීරුවට කපාගත් සලාද කොල 2ක්
ලොකු ළූණූ ගෙඩි 1ක්
mayonnaise සෝස් මේස හැදි 2ක්


මුලින්ම එලවළු මිශ්‍රණය හදමු. ඒ සදහා වතුර, විනාකිරි, ලුණු, සීනී සියල්ල බදුනකට එක්කර හොදින් කවලම් කරන්න. එය රත්වී එන අවස්ථාවේ, ලිපෙන් ඉවත් කරන්න. දැන් වෙනත් භාජනයක් ගෙන සලාද කොල හැර අනෙකුත් එලවළු එකිනෙකට කවලම් කරගෙන කලින් සෑදු විනාකිරි මිශ්‍රණය එලවළු මතට එක්කර නිවුනු පසුව ශීතකරනයට දමන්න.

දැන් මස් එක හදාගම්මු. තෙල් හැර අනෙකුත් අමුද්‍රවය සිහින් තීරුවට කපාගත් මස් සමග කවලම් කර පැයක් පමන තබන්න. පසුව එයට තෙල් එක්කර කුකුල් මස් එක වතුර ගතිය හිදෙන තුරු පිසගන්න.

මීලගට එලවළු ටික විනාකිරි වතුරෙන් පෙරාගෙන, එයට සලාද කොල හා mayonnaise සෝස් එක්කර හොදින් කවලම් කරන්න.

පසුව සිහින් රොටියකට දමා රෝල් කරගන්න. kuboos වගෙ රොටි තමයි ගොඩක්ම භාවිතා කරන්නේ. ඔබට සුපිරි වෙලද සැල්වලින් එය ලබාගත හැකිය.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 123 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:28:54 PM
Script:/article/123/chicken-shawarma-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:28:55 PM
Script:/article/123/chicken-shawarma-recipe.html