බැදපු තුනපහ (කළු කුඩු)

February 22, 2019
8,967
Roasted Curry Powder Recipe
තුනපහ ටික හරියට නැත්තම් උයන කෑම එක රස වෙන්නේ නෑ. වෙළඳපොලේ තියෙන තුනපහ කුඩු බොහොමයක් ප්‍රමිතියෙන් සහ රසයෙන් බොහොම පහල මට්ටමක තියෙන්නේ. ඉතින් වැඩි වියදමක් නැතිව රසය සුවඳ හොඳින් තියෙන හරි ප්‍රමිතියට තුනපහ ටික ගෙදරම හදා ගමු.

අවශ්‍ය ද්‍රව්‍ය (තුනපහ ග්‍රෑම් 175ක් සඳහා) :

කොත්තමල්ලි ඇට 50g
සූදුරු ඇට 40g
මහදුරු ඇට 25g
උළුහාල් ඇට තේ හැඳි 1 1/2
එනසාල් ඇට තේ හැඳි 1/2
අබ ඇට තේ හැඳි 1/2
කලු ගම්මිරිස් ඇට තේ හැඳි 1
කරාඹුනැටි තේ හැඳි 1/2
කුරුඳු පොතු අඟල් 3ක කැබැල්ලක්
වියලි මිරිස් කරල් 4
වියලා ගත් කරපිංචා මිටක්
වියලි සේර අඟල් 2ක කැබැල්ලක්
හාල් මේස හැඳි 1

සාදන ආකාරය :

01. තරමක් ලොකු පෑන් එකක් හෝ තාච්චියක් ගෙන සාමාන්‍ය ගින්දරේ රත් කරන්න. භාජනය රත් වන විට එයට කොත්තමල්ලි ඇට ටික එකතු කර සුවඳ හමන තෙක් බැද ගන්න.

02. දැන් එයට ඉතිරි සියලුම අමුද්‍රව්‍ය ටික එකතු කර රන් වන් පැහැ වන තෙක් හැඳි ගාමින් බැද ගන්න.

03. ලිපෙන් ඉවතට ගෙන ග්‍රයින්ඩර් කරගන්න.

04. සුළන් නොවදින ඇසුරුමක බහා මාස 6ක් වගෙ කාලයක් තියාගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1273 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 11:33:42 PM
Script:/article/1273/roasted-curry-powder-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 11:33:42 PM
Script:/article/1273/roasted-curry-powder-recipe.html