රාත්‍රී ආහාරයට උචිත මසාලා තොසේ ගෙදරදීම සදා ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :
හාල් පිටි 200g
උළුඳු පිටි 200g
ඇල් වතුර අවශ්‍ය පමණට
මසාලා පිරවුම :
පොල් තෙල් ස්වල්පයක්
කපා ගත් සුදු ළූණු මේස හැඳි 1
සූදුරු තේ හැඳි 1/2
අබ තේ හැඳි 1/2
වියලි මිරිස් කරල් 2ක්
කපා ගත් ළූණු ගෙඩි 1
කපා ගත් තක්කාලි ගෙඩි 1
කපා ගත් අමු මිරිස් කරල් 2
කහ කුඩු තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1
ලුණු අවශ්‍ය පමණට
තම්බා කපා ගත් අල 500g
කපා ගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
බටර් අවශ්‍ය පමණට
සාදන ක්‍රමය :
01. භාජනයක් ගෙන එයට හාල් පිටි, උළුඳු පිටි, ලුණු එක් කොට හොඳින් මිශ්‍ර කර වතුර ස්වල්පය බැගින් එක් කරමින් තරමක් දියාරු වූ පිටි මිශ්‍රණයක් සාදා පැය 5ක් පමණ පිපෙන්නට තබන්න.
02. දැන් පෑන් එකක් ලිප තබා එයට පොල්තෙල් ස්වල්පයක් එක් කර තෙල් රත් වූ පසු එයට අබ, සුදු ළූණු, සූදුරු, වියලි මිරිස්, ළූණු එක් කර හොඳින් මිශ්‍ර කරන්න
03. දැන් එයට තක්කාලි, අමු මිරිස්, කහ කුඩු , මිරිස් කුඩු , ලුණු සහ තම්බා කපා ගත් අල එක් කර හොඳින් පිස ගන්න .
04. අවසානයේදී කොත්තමල්ලි කොළ එක් කර අල පිරවුම සාදා ගන්න .
05. දැන් තෝස ටික සාදා ගන්න, පෑන් එකක් ලිප තබා බටර් ස්වල්පයක් එක් කර සාදා ගත් පිටි මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් එක් කර තොසේ සාදා ගන්න .
06. දැන් සාදා ගත් තොසේ එක මැද්දට සාදා ගත් අල කරියෙන් ස්වල්පයක් එක් කර රෝල් කරන්න.