හැමදාම කන මාළුවට නිවාඩුවක් දීලා මාළු කලුපොල් එකක් හදමු. මාළු කන්න ආස අයට රසට හදන්න පුලුවන් රෙසිපි එකක් තමයි මේ.
අවශ්‍ය ද්‍රව්‍ය :
හොඳින් සොදා කපාගත් මාළු 250 g
ගා ගත් පොල් 50 g
කැකුලු හාල් 30g
සිහින්ව ලියාගත්ත ළූණු
සිහින්ව ලියාගත්ත අමු මිරිස් කරල් 2-3
සිහින්ව කපාගත් සුදු ළූණු බික් 2-3
කරපිංචා ස්වල්පයක්
රම්පෙ කැබැල්ලක්
හීනියට ලියාගත්ත ඉඟුරු තේ හැඳි 1/2
අඹරාගත් ගොරකා තේ හැඳි 1
ගම්මිරිස් තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1
සූදුරු
රස පදමට ලුණු
මිටිකිරි කොප්ප 1/2
දියකිරි කොප්ප 1
සාදන ක්‍රමය :
01. ගා ගත් පොල් රන්වන් පාට වෙනතුරු කබලේ බැදගන්න.
02. දැන් එයට සූදුරු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු එකතු කර බදින්න. ලිපෙන් ඉවතට ගන්න.
03. කැකුලු හාල් ටික බැද බැදගත් පොල් එකටම දමා ගන්න. මේ මිශ්‍රනය බ්ලෙන්ඩ්ර් එකේ හෝ ඇබරුම් ගලේ හරි හොඳින් අඹරාගන්න.
04. දැන් මාලු ටික ගෙන අබරාගත් මිශ්‍රනය, සිහින්ව කපාගත් ළූණු, මිරිස් කරල් ටික, සුදුළූණු , කරපිංචා, රම්පෙ, අමු ඉඟුරු, ගොරකා, ලුණු දමා දියකිරි කොප්පය දමා විනාඩි 10ක් පමන මදගින්නේ පිසගන්න.
05. ඉන්පසු උකුකිරි කොප්ප 1/2 දමන්න. හොඳින් නටන තෙක් මාළු නොකැඩෙන සේ පරිස්සමින් හැඳි ගාන්න. විනාඩි 5ක් පමණ තබා රස බලා ලුණු අඩු නම් එකතු කර ලිපෙන් බා ගන්න.