නත්තල් කේක් - Recipe

December 11, 2018
5,899
Christmas Cake Recipe
නත්තල් කාලයට ගෙදරක අනිවාර්යයෙන්ම හදන නත්තල් කේක් අද හැඩකාරී අපි ඔයාට පහසුවෙන් හදාගන්න විදිහක් කියලා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය :

බටර් - 500g 
සීනි - 600g
පාන් පිටි -100g
රුලං - 500g
වියළි මිඳි - 300g
පොඩියට කපාගත් වියළි කජු -300g
පොඩියට කපාගත් පුහුල් දෝසි - 600g
කරදමුංගු කුඩු තේ හැඳි -1/2
සාදික්කා කුඩු තේ හැඳි - 1/2
කුරුඳු කුඩු තේ හැඳි -1/2  
වයින් විදුරු -1 1/2
මී පැණි කෝප්ප 1/2
රෝස වතුර කෝප්ප 1/4
වැනිලා මේස හැඳි - 3
බිත්තර සුදු මද - 10
බිත්තර කහ මද - 25 

සාදන ක්‍රමය :

01. ලොකු භාජනයක් ගෙන එයට පොඩියට කපා ගත් පලතුරු, කජු, සීනි, වැනිලා, මී පැණි, වයින්, රෝස වතුර සහ අනෙකුත් කුළුබඩු ද එකතු කර හොඳින් මිශ්‍රකර පදම් වීමට දින 5ක් පමණ වසා තබන්න.

02. තරමක් බැදගත් රුලං, බටර් සහ පාන් පිටි පළතුරු මිශ්‍රණයත් සමඟ හොඳින් මිශ්‍රකර ගන්න.

03. වෙනත් භාජනයක බිත්තර කහ මද 2ක බැගින් දමමින් කහ මද සියල්ල හොඳින් උකුවන තුරු ගසා ගන්න.

04. සදා ගත් මිශ්‍රණයට කහ මද සියල්ල එක්කර හොඳින් කලවම් කරන්න.

05. ඉන්පසු බිත්තර සුදු මද වෙන භාජනයකට දමා ක්‍රීම් වෙනතුරු ගසා ගන්න.

06. බිත්තර සුදු මදද මිශ්‍රණයට දමා පෙරලමින් කලවම් කර ගන්න.

07. තෙල් කොළයක පතුළට බටර් තවරා කේක් තැටියකට දමන්න.

08. ඉන්පසුව ෆැරන්හයිට් 250 ක උෂ්ණත්වයක් තුළ පැය තුනක් පමණ බේක් කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1198 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:04:44 PM
Script:/article/1198/christmas-cake-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:04:45 PM
Script:/article/1198/christmas-cake-recipe.html