අළුගොබ් මසාලා හැදීමට අවශ්‍ය දේ :
ගෝවා මල් (අඟලේ කැබලි කපාගත්) ගෙඩි 1
අර්තාපල් (පොතු ගලවා අඟලේ කොටු කපාගත්) ගෙඩි 3
ඔලිව් තෙල් මේස හැඳි 1
සූදුරු තේ හැඳි 1
ලොකු ලූනු (කුඩාවට කපාගත්) ගෙඩි 1
තක්කාලි (කුඩාවට කපාගත්) තේ හැඳි 1
ඉඟුරු (කුඩාවට කපාගත්) තේ හැඳි 1
සුදු ලූනු (කුඩාවට කපාගත්) තේ හැඳි 2
තක්කාලි පියුරි අඬු කෝප්ප 3/4
පොල් කිරි අඬු කෝප්ප 1
මිරිස් කුඩු තේ හැඳි 1
ගරම්මසාලා පේස්ට් තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/2
අළුගොබ් මසාලා හදමු
01. පෑන් එකක් ලිප තබා තෙල් ටිකක් එක්කර කපාගත් අල කැබලි එයට එක්කරන්න.
02. එය මිනිත්තු 2 -3 ක් පමණ පිස එයටම ගෝවා මල් ටික ද එක්කරන්න. රස පදමට ලුණු සහ කහ කුඩු ස්වල්පයක් එක්කරන්න. මද ගින්දරෙන් තැම්ඛෙන්න තබන්න.
03. වෙනත් භාජනයක් ලිප තබා රත්කර තෙල් ස්වල්පයක් එක්කර මුලින්ම සූදුරු, ගරම්මසාලා ටික එක්කරන්න.
04. පසුව කුඩාවට කපාගත් ලොකු ලූනු සියල්ල එක්කර එයටම චොප් කරගත් සුදු ලූනු, ඉඟුරු එක්කරන්න.
05. පසුව තක්කාලි පියුරි ටික එක්කරන්න. පසුව වතුර අඬු කෝප්ප 1/2 ක් විතර එක්කර පසුව අතින් භාජනයේ ඇති අල, ගෝවා මල් මිශ්‍රණය එක්කරන්න.
06. එයටම පොල් කිරි එක්කර මිනිත්තු 2-3 ක් පිසගන්න. රස අනුව ලුණු එක්කරන්න.
07. ලිපෙන් බා කපාගත් කොත්තමල්ලි කොළ එය මතට දමාගන්න.