පොළොස් අච්චාරුවක් හදා ගන්නේ මෙහෙමයි...පොළොස් ඇඹුල, මැල්ලුම යන රටාවෙන් මිදිලා අච්චාරුවක් හදා ගත්තොත් නරකද..පොළොස් අච්චාරුව වෙනුවෙන් ලොකු මහන්සියක් අවශ්‍ය නැහැ.
අවශ්‍ය දේ :
ඇඹුල් පොලොසයකට ගැලපෙන පොලොස් ගෙඩියක්
අඹරා ගත් අබ තේ හැඳි 2
සුදුළූණු ලොකු ගෙඩි දෙකක් බිග් ගලවා ගෙන
ඉඟුරු ග්‍රෑම් 25 ක්
විනාකිරි මේස හැඳි තුනක්
ගම්මිරිස් තේ හැඳි 4
සීනි තේ හැඳි තුනක්
සාදන ක්‍රමය :
01. ඇඹුලට ගැලපෙන පොළොස් ගෙඩියක් අරගෙන එය දිග අඟල් එකක සහ අඟල් බාගයක පළලට තීරු කපා ගන්න.
02. දැන් කහ සහ ලුණු වතුර ලිප තබා ගෙන කපා ගත් පොලොස් කැබැලි තම්බා ගන්න.
03. අබ, සුදුළූණු, ඉඟුරු, විනාකිරි, ගම්මිරිස් සහ සීනි එකට මිශ්‍ර කර ගෙන මුලින් ඔබ තම්බා ගත් පොළොස් කැබලි මේ මිශ්‍රණයේ දමා හොඳින් කලවම් කරන්න.
04. බෝතලයක අසුරන්න. එය සුළං නොවදින සේ තබා ගැනීම වැදගත්. සුළං නොවැදෙන සේ තබා ගත්තොත් සති කීපයක්ම කල් තියාගන්න පුලුවනි.
05. කැමති නම් කොච්චි කරල් ටිකක් එකතු කරගන්නත් පුලුවන්. හැබැයි කොච්චි කරල් ටික විනාකිරි ටිකක් ලිපේ තියලා විනාකිරි එකේ විනාඩියක් විතර තම්බලා ගන්න. ඒක කෙලින්ම පහේ ටිකට පොලොස් මිශ්‍ර කරන වෙලාවටම එකතු කරන්න.
එන්.ඒ.පි.සි