බිත්තර කෝපි

July 17, 2020
3,624
Egg Coffee
බිත්තර කෝපි නැතිනම් අපි මේකට කස්ටඩ් කෝපි කියලා කිව්වත් කමක් නෑ. මේ රසය වගේම ගුණය සපිරි කෝපි එක හදන හැටි බලමු.

මෙහිදී නොපිසූ බිත්තර පිලිගන්වන නිසා ඇතැම් අයට ආසාත්මිකතා ඇතිවෙන්න පුලුවන් නිසා ඒ ගැනත් සැලකිලිමත් වන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :

බිත්තර කහ මද 2
මිල්ක්මේඩ් කෝප්ප 1/2 
වැනිලා සාරය තේ හැඳි 1
කෝපි කුඩු 60g 
උණු වතුර ලීටර 1
උඩින් ඉස ගැනීමට කොකෝවා කුඩු
 
සාදන ක්‍රමය :

01. භාජනයක් ගෙන බිත්තර කහ මදය, මිල්ක්මේඩ් සහ වැනිලා සාරය එකතු කරන්න. ක්‍රීම් වන තෙක් මිනිත්තු 10 ක් පමණ හොඳින් ගසා ගන්න. හෑන්ඩ් මික්සර් එකකින් නම් වඩා හොඳයි.

හොඳින් විස්ක් වී ඇතිදැයි බැලීමට, ගසා ගත් මිශ්‍රනයෙන් පොඩ්ඩක් හැන්දකින් ගෙන වතුර කෝප්පයකට දමන්න. එය පා වෙනවා නම් පදම හරි. නැති නම් තව විස්ක් කර නැවතත් බලන්න.

02. මේ අතර, ඔයා කැමති විදිහට කෝපි සූදානම් කර පෙරා ගන්න.

03. කෝපි ටික කෝප්ප 4කට සමානව පුරවා ගන්න.

04. පසුව සදා ගත් බිත්තර මිශ්‍රණයෙන් කෝප්ප 4 පුරවා ගන්න.

05. අවසානයට කොකෝවා කුඩු ටිකක් උඩින් ඉස එසැනින් පිලිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1708 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:00:46 PM
Script:/article/1708/egg-coffee.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:00:47 PM
Script:/article/1708/egg-coffee.html