පුඩින් කන්න කැමති අයට මේ අඹ පුඩින් එක රසවත් සංග්‍රහයක් වේවි. ලේසියෙන් හදා ගනන් පුලුවන් වගේම පොඩි කලමනා ටිකක් තමයි උවමනා වෙන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය :
උණු වතුර කෝප්ප 1/2
ජෙලටින් මේස හැඳි 1
සීනි කෝප්ප 1/2
ලුණු පින්චක්
පොල් කිරි කෝප්ප 1
හොඳින් ඉදුනු අඹ ගෙඩි 2-3ක්
සාදන ආකාරය :
01. අඹ ටික පොතු හැර කෑලි කපා බ්ලෙන්ඩර් එකට දමා ගන්න. වතුර පොඩ්ඩක්, බ්ලෙන්ඩ් කරගන්න අවශ්‍ය පමණට පමනක් දමා අඹ ටික හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. මේ අඹ පියුරී එකෙන් කෝප්ප 1ක් ගෙන පසෙකින් තබන්න.
02. උණු වතුර දැමීමට හැකි සාමාන්‍ය තරමේ බෝල් එකක් ගෙන එයට ජෙලටින් සහ උතුරන උණු වතුර දමා කැට නොසිටින සේ ජෙලටින් ටික දියකරගන්න.
03. දැන් එයට සීනි සහ ලුණු දමා හොඳින් සීනි ටික දිය කරගන්න.
04. දැන් එයට පොල් කිරි ටික සහ සාදාගත් අබ පියුරී කෝප්ප 1 ත් එකතු කර සියල්ල හොඳින් එකතු වන සේ හොඳින් මිශ්‍ර කරන්න.
05. ඔබ කැමති බෝල් එකකට හෝ, පොඩි බෝල් කීපයකට හෝ, වීදුරු කෝප්ප වලට හෝ දමා පැය 2ක් පමණ සෙට් වෙන්න ශීතකරණයේ තබා රසවිඳින්න.