අනාගතය ගැන තීරණය කරන්න අනාගතයටම ඉඩ දෙන්න - Story

October 8, 2020
2,585
Let the fire decide about the future - Story
බොහෝ කාලයකට කලින් විශ්මිත හැකියාවක් එක්ක ජීවත් වුණු මනුස්සයෙක් හිටියා. ඒ කියන්නේ ඔහුට අහසේ තියන තාරකා දිහා බලලා ඕනෙම කෙනෙක්ගේ අනාගතය කියන්න පුලුවන් කියලා මිනිස්සු විශ්වාස කළා. ඔහු ජනප්‍රිය ජ්‍යෝතිශාස්ත්‍රඥයෙක් වුණු නිසා රාත්‍රියේ කාලය ගත කළේ අහස දෙස බලාගෙනමයි. ඔහු සැමවිටම කාර්යබහුල වූයේ අනාගතය ගැන කරදර වෙමින්. ඒ අතර ගම්වැසියන් බොහෝ විට ඔහු වෙත පැමිණියේ තමන්ගේ අනාගතය කොයි වගේද කියලා දැන ගැනීමේ බලාපොරොත්තුවෙන්.

එක් සැන්දෑවක ඔහු ගමෙන් පිටත විවෘත පාරක් දිගේ ඇවිදිමින් සිටියා. ඇවිද්ද්දී ඔහුගේ දෑස් තිබුණේ තරු දිහාට හැරිලායි. ඔහුට ඒ වෙලාවේ හිතුණේ ලෝකයේ අවසානය ළං වෙන්න ආසන්නයි වගේ කියලා. ඔහු තරු දෙස බලන් ඇවිදිද්දී ඔහුට ඔහු ඇවිදන් යන මාර්ගය දිහා බලන්න අමතක වුණා. හදිසියේම ඔහු ඒ මාර්ගයේ තිබ්බ මඩ හා ජලය පිරුණු වළකට ඇදන් වැටුණා.

ඔහු මඩ ජලය සහිත ගැඹුරු වලේ ගිලෙමින් සිටි අතර, පිස්සු වැටිලා වගේ වළෙන් ගොඩට එන්න දැඟලුවා. ඒත් ගොඩ බිමට බඩගාගෙන යන්නට ඔහුට පහසු වුනේ නෑ. එසැණින් ඔහුගේ ජීවිතය ගැන විශාල බයක් දැණුන නිසා ඔහු උදව් ඉල්ලා කෑගැසීමට පටන් ගත්තා. උදව් ඉල්ලා ඔහු කරපු හැඬීම් ඇහුණ ගම් වැසියන් ඉතා ඉක්මනින් ඒ වෙත දුවන්න පටන් ගත්තා.

ගම් වැසියන් ඔහුව මඩ වලෙන් ඉවතට ඇදගෙන යන්න සමත් වුණා. ඔහුව බේරගෙන එක්කන් යද්දී ඔවුන්ගෙන් එක් කෙනෙක්, “ඔබ අනාගතය තාරකාවලින් කියවනවා වගේ මවාපානවා. ඒත් ඔබේ කකුල් ළඟ තිබෙන දේ ඔබ දකින්නේ නැහැ! වර්තමානයේ ඔබ ඉදිරියෙ තියන දේවල් ගැන වැඩි අවධානයක් යොමු කරන්නට මේ සිද්ධිය වත් පාඩමක් කරගන්න. අනාගතය ගැන තීරණය කරන්න අනාගතයටම ඉඩ දෙන්න. ”

ඒ අතර තවත් අයෙක් ඔහුට මෙහෙම කිව්වා. “පෘථිවියේ ඇති දේවල් ඔබට නොපෙනෙනකොට තරු ගැන කියවීමෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද?”

පාඩම : අපගේ අනාගතය දීප්තිමත් හා ප්‍රීතිමත් එකක් වෙනවා දකින්න අපි හැමෝම කැමැතියි. නමුත් කාලය කිසි කෙනෙක් වෙනුවෙන් නතර වෙන්නේ නෑ. සෑම හෙට දවසක්ම අද දවස බවටයි පත් වෙන්නේ. ඒ නිසා මේ ගෙවෙන ඔබේ වර්තමානයද ඔබේ අනාගතයේම කොටසක්. බලාපොරොත්තු වීමට හා දියුණු වෙන්නට සෑම විටම හෙට දවසක් තියනවා තමයි. නමුත් ඔබට ඊයේ වෙත ආපසු යන්න බෑ. ඒ නිසා ඔබ වඩා හොඳ හෙට දවසක් සඳහා වැඩ කරන අතරතුර ඔබේ වර්තමාන ජීවිතයේ සමබරතාවය පවත්වා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-11 00:00:00' and A.id <> 1861 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 4:54:32 PM
Script:/article/1861/let-the-fire-decide-about-the-future-story.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 4:54:32 PM
Script:/article/1861/let-the-fire-decide-about-the-future-story.html