පුදුම හිතෙන ප්‍රතිඵල සඳහා ඔබේ සමට මේ පළතුරු වර්ග භාවිතා කරලා බලන්න

March 12, 2021
31,155
Use these fruits to get beautiful skin
අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පිරුණු පළතුරු කියන්නේ නිසැකවම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක රසවත් අංගයක්. හැබැයි පළතුරු කෙලින්ම ඔබේ සමට ආලේප කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ ඔබේ මූණේ පෙනුම දියුණු කරවන්නත් ගොඩක් වැදගත්. ඔබේ ශරීරයේ විශාලතම අවයවය වන සමට පළතුරු සාරයන් ආලේප කළාම, සම සතුව තිබෙන බාහිර අවශෝෂණ හැකියාව හරහා එම පළතුරු සාරයන්ගෙන් සමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලය ස්වාභාවිකවම සජලීකරණය වුණු පැහැදිලි හා දීප්තිමත් සමක් ඔබට ලැබීමයි.

අලංකාර ප්‍රතිඵල සඳහා ඔබේ සම මත විවිධ පළතුරු යොදන්න පුළුවන් ආකාරය බලන්න...

ඇඹුල් පළතුරු : දොඩම්, මිදි, ලෙමන්

මෙම පළතුරු ආම්ලික ස්වභාවයක් ගන්න නිසා විටමින් සී ඉහළ මට්ටමක පවතිනවා. කුරුලෑ ඉවත් කරගෙන සම පැහැපත් කර ගන්න ඔබට පුළුවන් හොඳම අමුද්‍රව්‍යයත් මෙම විටමින් වර්ගයයි.

ඇඹුල් පළතුරු භාවිතා කිරීමේදී හොඳම ප්‍රතිඵල ලබා ගන්නට ඒවා පෙති වලට කපන්න. ඔබේ මුහුණ පුරා පෙත්තක් අරන් අතුල්ලන්න. පළතුරේ යුෂ ඔබේ සමේ විනාඩි 10 ක් පමණ තියෙන්න දීලා පස්සේ මුහුණ වතුරෙන් සෝදා හරින්න.

ඒ වගේම ඇඹුල් පළතුර ජූස් කරලා ඒවා කපු පුළුන් කැබැල්ලකින් ඔබේ සම මත තවරා ගන්නත් පුළුවන්. මිනිත්තු 10 කට පසුව ඒක සෝදා හරින්න.

අවවාදය : සම මත ආලේප කරන ඇඹුල් පළතුරු නිසා සම මත නොයෙක් සංවේදීතාවයන් හට ගන්න පුළුවන්. ඒ නිසා ඉහත පියවර අනුගමනය කළාට පස්සේ අවම වශයෙන් පැයක්වත් හිරු එළියට නිරාවරණය වෙන්න පිටතට යාමෙන් වළකින්න.


නිවර්තන පළතුරු : කෙසෙල්, අන්නාසි, පැපොල්

නිවර්තන කලාපීය පළතුරු වල අන්තර්ගත අත්‍යවශ්‍ය විටමින් වලින් සහ ඒවායේ අන්තර්ගතයේ ඇති මොයිස්චරයිසින් ගුණාංග වලින් සමට පැහැපත් වීමේ වාසි රාශියක් ලැබෙනවා. ඒ නිසා මෙම පළතුරු ඔබේ සමට කෙලින්ම යොදන්න පුළුවන්.

ඔබේ සම සිනිඳු කරමින් ස්වාභාවික දීප්තියක් ලබා ගැනීම සඳහා කෙසෙල් ගෙඩියක් අරන් පොඩි කරන්න. ඒ ටික අරන් ඔබේ සම මත ආලේප කරලා සම්බාහනය කරන්න. මිනිත්තු 15 ක් විතර තියලා මුහුණ සෝදන්න.

සමේ හදිසියේම ඇති වන බිබිළි/කුරුළෑ වලට ප්‍රතිකාර කිරීම සඳහා අන්නාසි යුෂ වල කුඩා කපු පුළුන් කබැල්ලක් ගිල්වලා කුරුලෑ තුවාලය මත තියන්න. මිනිත්තු 30 කට පස්සේ ඒක ඉවත් කරලා සිසිල් ජලයෙන් සෝදා හරින්න.

සක්‍රීය එන්සයිමයක් වන Papain අඩංගු වෙන්නේ පැපොල් වලයි. ඒවා සම මතට ආලේප කරනකොට මිය ගිය සමේ සෛල ඉවත් කරන්න ඔබට උපකාරී වෙනවා. පැපොල් ගෙඩියක ලෙල්ල අරන් ඔබේ සම මත ආලේප කරලා විනාඩි 20 ක් වාඩි වෙලා ඉන්න. පස්සේ වතුරෙන් හෝදලා යවන්න. මේක ඔබේ සම හයිඩ්‍රේට් කරමින් සමේ වර්ණය දීප්තිමත් කරයි.


බෙරි: ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරීස්, නෙල්ලි

බෙරි වර්ග තුළ සමට වාසි වන ඉහළ ප්‍රතිඔක්සිකාරක ධාරිතාවක් අන්තර්ගත වෙනවා. බෙරි වල ඇති පොලිපෙනෝල් වලින් පාරිසරික දූෂණ වලින් සහ වයසට යාමේ සලකුණු වලින් ඔබේ සම ආරක්ෂා කිරීමට උපකාර කරනවා.

ඔබේ සම තෙල් සහිත නම් රෝස වතුර ස්වල්පයක් සමඟ නෙල්ලි කුඩු මේස හැඳි දෙකක් මිශ්‍ර කරලා ඝන පේස්ට් එකක් හදාගන්න. මෙම පේස්ට් එක ඔබේ මුහුණට ආලේප කරලා විනාඩි 20 කට පස්සේ සෝදලා හරින්න.

සාලිසිලික් අම්ල බහුල ස්ට්රෝබෙරි ගෙඩියක් අරන් පෙති වලට කපන්න. සම මත මෘදු ආකාරයට එම පෙති ඇතිල්ලුවම මැරුණු සෛල සමෙන් ඉවත් කිරීම හා කුරුලෑ ඇති වීම වළක්වාගන්න ඔබට පුළුවන්. ආලේප කිරීමෙන් පසුව ඔබේ මුහුණ සිසිල් වතුරෙන් සෝදන්න.

බ්ලූබෙරීස් හය හතක් පමණ අරගෙන ඒවා පොඩි කරලා යෝගට් මේස හැඳි දෙකක් සමඟ මිශ්‍ර කරලා පේස්ට් එකක් හදා ගන්න. මිනිත්තු 30 ක් විතර එය ශීතකරණයට දාලා තියලා ඔබේ මුහුණට ආලේප කරන්න. ඊට පස්සේ මිනිත්තු 20 ක් විතර වාඩි වෙලා ඉන්න. පස්සේ වතුරෙන් සෝදලා හරින්න. ඒකෙන් ඔබේ සම නිරෝගීව තියාගන්න පුළුවන් වෙනවා. දීප්තිමත් බවක් ද සමට ලැබෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1950 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:29:40 PM
Script:/article/1950/use-these-fruits-to-get-beautiful-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:29:41 PM
Script:/article/1950/use-these-fruits-to-get-beautiful-skin.html