ඔහුත් සමග හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න නම් මේ දේවල් කරන එක අදම නතර කරන්න

May 29, 2017
11,356
6 Things Every Couple Should Stop Doing
අපි හැමෝටම ඕනේ මුළු ජීවිත කාලයම සතුටින් ගත කරන්න. මේ නිසා අපි හැමදාමත් කරන්නේ ජිවිතේ ගැන හීන මවන එක. හැබැයි ඉතිං ජිවිතේ ගැන හීන මවලා විතරක් නම් හරියන්නේ නැහැ. ඒ හීන ඒ විදිහටම සැබෑ කරගන්න ඕනේ නම් ඒ වෙනුවෙන් අපි කැප වෙන්න ඕනේ. ආදරේ කරන හැම කෙනෙක්ගෙම හීනයක් තමයි හැමදාමත් සතුටින් ආදරෙන් ජීවත් වෙන එක. අද අපි ඔබට කියන්නේ මේ සතුට ආදරය හැමදාටම රැකගන්න ඕනේ නම් ඔබ විසින් අත්හැරිය යුතු කාරණා කිහිපයක් ගැනයි.

1. එකට එක කිරීම

බොහෝ සබදතා අසාර්ථක වීමට බලපාන එක හේතුවක් තමයි දෙදෙනාම සීමාවක් නොමැතිව එකට එක කිරීම. පෙම්වතා පෙම්වතියට යමක් කරන්න එපා කිවුවොත් පෙම්වතියත් කරන්නේ අවස්ථාවක් ලද විගසම පෙම්වතාට යමක් කරන්න එපා කියා බලපෑම් කිරීමයි. මේ නිසා වෙන්නේ නිතරම දෙදෙනා අතර ප්‍රශ්න ඇතිවීමයි. මෙහිදී එක් අයෙක් හෝ හොද අවබෝධයකින් කටයුතු කරනවා නම් ඔබට පුළුවන් ප්‍රශ්න ඇති නොවෙන්න සබදතාවය පවත්වාගෙන යන්න. ඉවසීම කියන්නේ මෙතැනදී දෙදෙනාටම වැදගත් වෙන දෙයක්.

2. හැම වේලාවකම ඔබ නිවැරදි යැයි සිතීම

අපි හැමෝටම වැරදීම් සිදු වෙනවා. ඒ නිසා අපි හැම වේලාවකම හිතනවා නම් අපි කරන කියන හැම දෙයක්ම හරි කියලා මේක අපි කරන ලොකු වැරද්දක්. හිතන්නේ ඔබ පෙම්වතා සමග යම් දෙයකට ඔබ නිවැරදි බව කියමින් තර්ක කලා කියලා. නමුත් පසුව ඔබටම තේරුම් ගියොත් ඔබ වැරදියි කියලා ඔබ අපහසුතාවයට පත් වෙනවා. මේ නිසා නිතරම ඔබ නිවැරදි බව සිතන එක නතර කරන්න.

3. එකිනෙකාගෙන් ප්‍රශ්ණ සැගවීම

ආදරයේදී වැදගත්ම දෙයක් තමයි විවෘත භාවය කියන්නේ. ඔබ දෙදෙනා නිතරම එකිනෙකාගේ ප්‍රශ්ණ ගැන කතා බහ කරමින් ඒවා විසදා ගන්න එකිනෙකාට උදවු වෙනවා නම් ඔබ දෙදෙනාගේ සබදතාවය වඩාත් ශක්තිමත් වෙනවා. ඒ වගේම යම් යම් දේවල් සගවාගෙන ඉන්නවාට වඩා පහසුවෙන් ඔබ දෙදෙනාටම අවංකව සැහැල්ලුවෙන් කාලය ගත කල හැකියි.

4. අනවශ්‍ය ලෙස කාර්යබහුල වීම

පවතින ආර්ථික රටාවත් එක්ක අපිට වෙලාව කළමනාකරණය කරගන්න එක තරමක් අපහසුයි තමයි. නමුත් ඔබ දෙදෙනා අනිවාර්යෙන්ම ඔබ දෙදෙනා වෙනුවෙන් කාලය වෙන් කර ගත යුතුයි. නැතිනම් වෙන්නේ ඔබ දෙදෙනා නොදැනුවත්වම එකිනෙකාගෙන් ඈත් වීමයි.

5. එකිනෙකාව වෙනස් කිරීමට උත්සහ කිරීම

අපි අපිට අවශ්‍ය විදිහට කෙනෙක්ව වෙනස් කරන්න යන එක එතරම් සුදුසු දෙයක් නොවෙයි. අපි ආදරය කල යුත්තේ ඔවුන් සිටින ආකාරයට මිස ඔවුන්ව අපිට අවශ්‍ය විදිහට වෙනස් කරගෙන නෙවෙයි. මේ නිසා එකිනෙකාව හොදින් අවබෝධ
කරගෙන කටයුතු කරන්න උත්සහ කරන්න.

6. හැම දෙයකටම එකග වීම

ඔබ ආදරයේදී අනෙකා කියන හැම දෙයකටම එකග විය යුතු නැහැ. ඔබට ස්වාධින තාවයක් තිබිය යුතුයි. නමුත් ප්‍රශ්න ඇතිකර ගන්නේ නැතිව ඔබේ අකමැත්ත ප්‍රකාශ කිරීම තුළින් ඔබට පුළුවන් ඔහුත් සමග සැහැල්ලුවෙන් කාලය ගත කරන්න අවස්ථාව සකස් කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 294 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:46:17 AM
Script:/article/294/6-things-every-couple-should-stop-doing.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:46:18 AM
Script:/article/294/6-things-every-couple-should-stop-doing.html