ප්‍රශ්න නිසා ජීවිතේ එපා වෙලා නම් අනිවාර්යයෙන්ම මෙය කියවන්න

June 19, 2017
16,405
Are you depressed
මේ ලිපිය කියවන ඔයා සමහර විට තවම ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තන් ඉගනීම අවසන් කරපු කෙනෙක්, රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කොහොම උනත් තරුණ වයසේ පසු වෙන ඔයාට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන තමයි කියන්න යන්නේ. ඒ ඔයාගේ ජීවිතේ ගැන. අද වෙනකොට රටේ හැම තැනින්ම අහන්න දකින්න ලැබෙන දේවල් ගැන හිතුවම මේ ගැන කතා නොකරම බෑ කියල හිතුවා.

සිය දිවි නසා ගැනීම් කලින්ට වඩා දැන් නිතර නිතරම අහන්න ලැබෙනවා. විශේෂයෙන් වැඩි වශයෙන් පාසල් යන වයසේ අය වගේම තරුණ වයසේ අය. පහුගිය දවස් වල කී දෙනෙක් නම් තරුණ අය තමන්ගේ දිවි තොර කර ගත්තද. ඒ අපි මාධ්‍ය වලින් දැක්ක තරමනේ. අපි දැනුවත් උනේ නැති සිදුවීම් තව කොච්චර තියෙන්න ඇත්ද?

තමන්ගේ ජීවිතෙන් අඩක් වත් ගෙවල නැති තරුණ පිරිස් දවසෙන් දවස ජීවිත හානි කර ගන්නවා. ඇයි මෙහෙම වෙන්නේ?

අසුබවාදී සිතුවිලි, හැඟීම් ඇති වීම, ජීවිතයේ සිදු වන වෙනස් වීම් දරා ගැනීමට ඇති නොහැකියාව, කලකිරීම, පරාජිත හැඟීම්, ප්‍රතික්ෂේප වීම්, හදිසි තත්වයන් වලදී ඒවාට මුහුණ දීමට ඇති නොහැකියාව, විඳ දරා ගැනීමේ දුෂ්කරතා වගේම දුර්වල පෞරුෂය වගේ ගොඩක් හේතු නිසා අවසානයේ අහන්න දකින්න ලැබෙන්නේ මේ වගේ ඛේදවාචක. ඒ වගේම තවත් දෙයක් තමයි කාලයක් තිස්සේ ප්‍රශ්න වලින් පීඩා වින්ද කෙනෙක්ගේ මානසික තත්වය ගොඩක් නරක අතට හැරෙන්න පුළුවන්. මානසික ආතතිය, කාංසාව වගේ තත්වයන් අවසානයේ විෂාදය කියන මානසික රෝගී තත්වය දක්වා වර්ධනය වෙන්න පුළුවන්. විෂාදයේත් උග්‍ර විෂාදය වැනි තත්වයක් ඇති උනොත් එහි අවසන් ප්‍රතිපලය සියදිවි නසා ගැනීමයි.

මෙන්න මේ නිසා කලින් කිව්ව තතත්වයන්ගෙන් පුළුවන් තරම් මිදෙන්න පුලුවන් නම් මේ වගේ අවාසනාවන්ත තත්වයන් ගොඩක් දුරට අවම කර ගන්න පුළුවන්.

මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඔයා කරදරෙන් ඉන්නවා නම්, දුක් විදිනවා නම් කරුණාකරලා ප්‍රශ්න තනියම හිතේ හිර කරන් ඉන්න එක නවත්තන්න. ඒ ගැන ඔයාගේ යාලුවෙක්ට, සහෝදරයෙක්ට, ඔයා පාසල් යන කෙනෙක් නම් ගුරුවරයෙකුට නැත්තන් කවුරුම හරි විශ්වාසවන්ත කෙනෙක්ට කියන්න. එහෙම කිව්වම එයා ඔයාගේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න උත්සහ කරයි. එහෙම නැත්තන් ඒකෙන් ඔයාගේ හිතේ තියෙන දුක, පීඩනය අඩු වෙලා යයි. හැම දෙයක්ම හිතේ හිර කරන් ඉන්න එකෙන් අපි තනියම දුක් විදිනවා. ජීවිතේ කලකිරෙන්න ගන්නවා, ජීවිතේ ගැන අසුබවාදී හැඟීම් ඇති වෙනවා. ජීවිතේම එපා වෙලා වැරදි තීරණ ගන්නවා. අනික ඒ වගේ මානසික තත්වෙක ඉද්දි අපිට හරි වැරැද්ද තෙරුම් ගන්නත් අමාරුයිනේ. ඒ නිසා හොඳම දේ තමයි ඒ ගැන කා එක්ක හරි කතා කරන එක. නිවැරදි තීරණ ගන්න එයා ඔයාට උදවු කරයි.

නව යොවුන් වියේ ඉන්න පාසල් සිසුන් වගේම තරුණ පරම්පරාවේ ගොඩ දෙනෙක් ආදර සම්බන්ධතා නිසා ජීවිතේ ගැන වැරදි තීරණ ගන්නවා. ආදරය අපිට ඕන තමයි. නමුත් ආදරේ කරද්දී අපි බලාපොරොත්තු වෙන කෙනාම අපිට ලැබෙන්නේ නැහැ. පාසල් කාලයේ පටන් ගන්න ප්‍රේම සම්බන්ධතා වලින් කියෙන් කීයද විවාහයෙන් කෙලවර වෙන්නේ? 1%ක් වත් සාර්ථක වෙන්නේ නැති තරම්. එකෙන් සිද්ද වෙන්නේ ඔයාලගේ ඉගනීමට බධාවක් වෙන එක, ජීවිතේ අවුල් කර ගන්න එක විතරයි. නව යොවුන් වියේදී විරුද්ධ ලිංගිකයන් කෙරේ වැඩි ආකර්ශනයක් ඇති වෙනවා. එක සාමාන්‍ය දෙයක්. ඔය අමාරු කාලේ පහු කර ගත්තොත් ඔයා ගොඩ.

අපි කෙනෙක්ට ආදරේ කරද්දී එය අපේ මුළු ජීවිතේම කර ගන්නවා. එයාගෙන් තොර ලෝකයක් නැති තරම්. මොන දේ කරන්න ගියත් ආදරේ කරන කෙනා ගැනම හිතන්න පුරුදු වෙනවා. ඒත් මේ ඔක්කොම හැගීම්, වටිනාකම් එයා අපේ ජීවිතේ ඉන්නකනම් විතරයි. මොනම හරි හේතුවක් නිසා එයා ඔයාගෙන් ඈත් වෙලා ගියාට පස්සේත් ඔය හැඟීම් ඔහොමම තියෙනවද? නැහැ. එය මතකයක් විතරක් වෙනවා. මුල් කාලේ ලොකු දුකක් දැනෙනවා තමයි. එත් කාලයක් ගිහින් හිත හදාගත්තට පස්සේ ඔයාට හිතෙයි අපරාදේ මං දුක් වින්දේ ඇඬුවේ කියල. ඈත් වෙලා කෙනෙක් යනවා නම් එයාට යන්න දෙන්න. කවද හරි ඔයාව ඕන අය ඔයාගේ ජීවිතේ ඉතුරු වෙයි. හිමි වීම් වගේම අහිමි වීම් වලට මුහුණ දෙන්න ශක්තිමත් වෙන්න.

මොනවම හරි හේතුවක් නිසා ඔයා දිගින් දිගටම කරදරෙන් ඉන්නව නම් ඒ ගැන හිතන එක පුළුවන් තරම් අඩු කරන්න. පුළුවන් තරම් busy වෙන්න. හැම තිස්සෙම මොනවා හරි වැඩක නිරත වෙන්න. එතකොට ඔයාට ප්‍රශ්න ගැන හිත හිත දුක් වෙන්න කාලයක් ඉතුරු වෙන එකක් නැහැ. කාලයක් යද්දී ඔයාට නිකම්ම ප්‍රශ්න අමතක වෙලා යයි. එහෙම නැත්තන් කාලයක් යද්දී ඔයාගේ ප්‍රශ්න වලට විසඳුමක් ලැබිල තියෙයි. විසඳුම් නැති ප්‍රශ්න වලට කාලය විසින් විසඳුම් දෙනවා.

ඒ වගේම තමයි ඔයාගේ හිතේ ඔයාගේ අනාගතේ ගැන තිබුණු බලාපොරොත්තු, දහසක් හීන ඒවා අමතක කරනන එපා. මොන ප්‍රශ්න ආවත් තමන්ගේ අරමුණු අත්හරින්න එපා. අහිමිවීම්, කඩා වැටීම් ඇති වෙන්න පුළුවන්. ඒත් ඔයා සැලෙන්න එපා. ජීවිතේ ගැන තියෙන බලාපොරොත්තු නැති කර ගන්න එපා. අපිව ජීවත් කරවන්නේ බලාපොරොත්තු. අපි හිතන පතන හැම දේම ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා එක බලාපොරොත්තුවක් නැති උනොත් ඒ වෙනුවට අලුත් බලාපොරොත්තු ඇති කර ගන්න.

අපේ ජීවිත වලට එන ප්‍රශ්න, අභියෝග අපේ ඉදිරි ජීවිතේට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. ඒ හැම දේකින්ම අපේ ජීවිතෙට අත්දැකීමක් එකතු කරනවා. අනාගතේදී ඒ අත්දැකීම් ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඒ නිසා ප්‍රශ්නයක් ආවම ඒවායින් පැනල ගිහින් හැංගෙන්න හදන්න එපා. ජීවිතෙන් පලා යන්න හදන්න එපා. මනුස්සයෙක්ගේ ජිවිතේ වටිනාකම මිල කරන්න බැහැ. ඒ නිසා හොඳ ආත්ම ශක්තියකින් ඒවාට මුහුණ දෙන්න.

මෙහිදී කියන්න ඕන වැදගත්ම කාරණාවක් තමයි ඔගේ ජීවිතේට එල්ල වෙන තර්ජන හමුවේ ඔයා හරි තීරණයක් ගන්න බැරුව අසරණ වෙලා ඉන්නවා නම්, ප්‍රශ්නය ගැන සාකච්චා කරන්න සුදුසු කෙනෙකුත් නැත්නම් ඒ වගේ වේලාවකදී මනෝ උපදේශකවරයෙක්ගේ උදවු ලබා ගන්න. ඔයා කාලයක් තිස්සේ ප්‍රශ්න නිසා මානසිකව වද විදිනවා නම් ඔයාට ආතතිය, විෂාදය වගේ තත්වයන් ඇති වෙන්න පුළුවන්. ජීවිතේ ගැන කලකිරීම, අසුභවාදී සිතුවිලි, නින්ද නොයාම, ආහාර අරුචිය, ඍණාත්මක හැගීම් යනාදී ලක්ෂණ විශාදයේ මුලික ලක්ෂණයි. මෙම තත්වයන් වර්ධනය වීමෙන් උග්‍ර විෂාදය ඇති වෙන්න පුළුවන්. එහි අවසාන ප්‍රතිපලය තමයි ජීවිතෙන් පලා යාම. ඒ නිසා මේ වගේ තත්වෙකදී කරන්න පුළුවන් හොඳම දේ මනෝ උපදේශක වරයෙක් මුණ ගැසීමයි. එයින් ඔයාගේ ප්‍රශ්නෙට විසදුමක් ලැබෙනවා. රහස්‍යභාවයත් රැකෙනවා.

මේ මොන දේටත් වඩා ඔයාට ඔයාගේ ජිවිතේ ගැන වටිනාකමක් තියෙන්න ඕන. තීරණ ගනිද්දී එක පාරක් දෙපාරක් නෙවෙයි සිය දහස් වතාවක් හිතන්න. ඔයාට ආදරේ කරන අය ගැන හිතන්න. විශේෂයෙන් ඔයාගේ අම්ම,තාත්ත ගැන. ඔයාගෙ ජීවිතේට වැරද්දක් උනොත් ඒ දෙන්න හැමදාමත් දුක් විඳියි, විඳවයි. ප්‍රශ්න වලට තියෙන විසදුම මැරෙන එක නම් මේ වෙනකොට ලෝකේ මිනිස්සු කවුරුවත් ජීවත් වෙලා ඉන්න විදියක් නැහැ. ජිවිතෙන් පලා යන එක නෙවෙයි ජීවිතේට මුහුණ දෙන එකයි අපි කරන්න ඕන. ඒ නිසා ඔයා තව තවත් ශක්තිමත් වෙන්න. සතුටින් ඉන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 318 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:04:38 AM
Script:/article/318/are-you-depressed.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:04:39 AM
Script:/article/318/are-you-depressed.html