සංගීතයට සවන් දීම මේ තරම් වැදගත් බව දැන සිටියාද?

June 22, 2017
6,894
How important is it to listen music
සංගීතය සම්බන්දයෙන් කරලා තියෙන දීර්ඝ පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙන දෙයක් තමයි කායික වගේම මානසික නිරෝගී බවට සංගීතය බෙහෙවින් ඉවහල් වෙනවා කියන එක. සංගීතයට සවන් දීම, ගායනය, වාදනය තුලින් කායික මානසික සමතුලිත බව වගේම ශරීරයේ නිසි ක්‍රියාකාරිත්වය ඇති කරනවා. ඒ වගේම තමයි,

1. ආහාර දිරවීම

2. නිසි ලේ ගමනාගමනය

3. ශක්තිය රඳවා ගැනීම

4. සිරුරේ වර්ධනය

5. පෙනහළු වල අසාදිත තත්වයන් අවම කිරීමට

6. පෙනහළු නිරෝගී කිරීමට

7. ස්නායු පධතියේ නිසි ක්‍රියාකාරිත්වය

සඳහාත් සංගීතය ඉවහල් වෙනවා. ඒ වගේම තමයි හදවත් රෝග සුවපත් කරන ප්‍රතිකාර අතර සංගීතයත් එක ප්‍රතිකාරයක්. හදවත් රෝග හා ලේ ගමනාගමනය ගැන පර්යේෂණ රැසක් කල රුසියානු වෛද්‍යවරුන් දක්වන ආකාරයට මෘදු සංගීතයට සවන් දීමෙන් මානසික ආතතිය අවම වන අතරම ලේ ගමනාගමනය හා රුධිර සංසරණය රිද්මය නිවැරදි කරන බවත් දක්වනවා.

වර්තමානයේ අපි ගොඩක් අහන්නේ වගේම අපිට අහන්න ලැබෙන්නේ ඝෝෂාකාරී සංගීතයක්නේ. ඝෝෂාකාරී හා අධික රිද්ම තරංග සහිත සංගීතය ශ්‍රවණය කිරීමෙන් පුද්ගලයාගේ භාවයන් ප්‍රකෝප වෙනවා. ඒ වගේම නාඩි වේගය, මාංශ පේශින්ගේ චලනය, රුධිර පීඩනය, ලේ වල සීනි ප්‍රමාණය ඝෝෂාකාරී සංගීතය නිසා ඉහල යන බව සඳහන් වෙනවා. ශාස්ත්‍රීය ගීත, මෘදු නාද රටා මඟින්, මානසික ආතතිය මඟ හැරීමට, සිත සැහැල්ලු කිරීමට, ආහාර රුචිය වැඩි කිරීමට, හොඳ නින්දක් ලැබීමට වගේම අපේ සිරුරේ බොහෝ ක්‍රියාකාරකම් කෙරෙහි අප වින්දනය කරන සංගීතය බලපානවා.

මෙන්න මේ නිසා ඔයත් ඝෝෂාකාරී හා කරදරකාරී සංගීතයෙන් මිදිලා සරල හා මියුරු සංගීතය ශ්‍රවණය කරන්න. ඒ මඟින් ඔයාට මෙන්න මේ කියපු කායික මානසික සුවයක් අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. ඔයාගේ හිතේ හිර කරන් ඉන්න පීඩාකාරී වේදනාවන් අඩු කරන්න මේක ගොඩක් ලොකු උදව්වක් වෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 323 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:59:21 PM
Script:/article/323/how-important-is-it-to-listen-music.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:59:21 PM
Script:/article/323/how-important-is-it-to-listen-music.html