ආදරයට ආදරය කරනවා මිසක් ආදරයට අකමැති කෙනෙක්, ආදරය හමු නොවුන කෙනෙක් මේ ලෝකේ නම් නැතුව ඇති. එත් ආදරය කියන අකුරු හතරේ හැංගිලා කොයි තරම් නම් බොරුව, වංචාව අපේ ජිවිත වලට ඇවිත් තියෙනවද? අපි කොයි තරම් නම් රැවටිලා තියෙනවද? අනිවාර්යෙන් ඔයාටත් මේ අත්දැකීමට මුණ දෙන්න වෙලා ඇති.
හැබැයි ආදරයයි සැබෑ ආදරයයි අතර ගොඩක් ලොකු වෙනස්කම් ගොන්නක් තියෙනවා. ඒවා එකපාරම අපිට තේරුම් ගන්න අමාරුයි. දැනටමත් ඔයා ආදරය කරන කෙනෙක් ආදරය විදින කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තන් ආදරය හොයන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කොහොම උනත් සැබෑ ආදරය කියන්නේ මොකද්ද අපි කොහොමද සැබෑ ආදරය හදුනා ගන්නේ? එක අර්ථවත් වෙන්නේ කොහොමද කියල දැන ගන්න ඔයත් කැමති ඇතිනේ. කියවලාම බලන්න මේ දේවල් ඔයාගේ ආදර කතාවෙත් තියෙනවද කියලා.
1. ආදරය ඉල්ලලා ලබාගන්න ඕනේ දෙයක් නෙවෙයි
ගොඩක් වෙලාවට අපි කරන දෙයක් තමයි අපි ආදරය කරන කෙනාගෙන් ආදරය යදින එක. නමුත් සැබෑ ආදරය බලෙන් ලබා ගන්න ඕන නැහැ. ආදරය කියන්නේ එහෙම ඉල්ලලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔයා ආදරය කරන කෙනාගේ හිතේ ඔයා ගැනත් අවංක ආදර හැගීමක් තියෙනවා නම් එයා ඔයාට දැනෙන්න හැගෙන්න ආදරය කරයි. එහෙම නැතුව ඔයා එයා පස්සේ අඬ අඬා ගිහින් ආදරය ඉල්ලන තත්වෙට පත් වෙලා නම් ඇත්තටම එයාගේ හිතේ ඔයා ගැන අවංක ආදර හැගීමක් නැහැ. සැබෑ ආදරයකදී කවදාවත් අනෙකාව මේ වගේ තත්වෙකට පත් කරන්නේ නැහැ. එයා ඔයා සතුටින් ඉන්නවා දකින්න කැමති නම් ඔයාට නොඅඩුව ආදරය දෙයි. අඬ අඬා පස්සෙන් ගිහින් ඉල්ලන්න දෙයක් නැහැ.
2.සදාකාලික ආදරයක්
සැබෑ ආදරයක් නම් එය සදාකාලිකයි. නොයෙකුත් අවශ්‍යතා, වාසි, ලාබ ප්‍රයෝජන මත ගොඩ නැගෙන කිසිම බැඳීමකට අපි සැබෑ ආදරයක් කියල කියන්නේ නැහැනේ. ඔයාගේ දුකේදී සැපේදී ඔයා ළඟ ඉන්න කිසිම අවස්ථාවක ඔයාව අත් නොහරින ආදරයකට සැබෑ ආදරයක් කියලා කියන්න පුළුවන්. මොනම හේතුවක් නිසා වත් අත් වැල බිඳ නොදමන ඒ වගේ ආදර කතාවකට ගොඩක් දුර ගමනක් යන්න පුළුවන් කියන්නේ සදාකාලික ආදරයක්. සැරයටිය තෙක් යන මරණයෙන් කෙලවර වෙන ආදරයක්.
3. ඔයාගේ හැඟීම් තේරුම් ගැනීම
සැබෑ ආදරයකදී එයාගේ පස්සෙන් ගිහින් ඔයාට ආදරය කරන්න කියලා එයාගෙන් ඉල්ලන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි එයා ඔයාගේ හැඟීම් තේරුම් ගන්න විදියෙනුත් ඔයාට ලැබෙන්නේ අවංක ආදරයක්ද කියල හඳුනා ගන්න පුළුවන්. එයා ඔයාගේ හැඟීම් සිතුම් පැතුම් ගැන සංවේදී නැත්තම්, ඔයාගේ හැඟීම් තේරුම් ගන්නේ නැත්තම්, කෙටියෙන්ම කියනවා නම් ඔයාගේ කිසිම දෙයක් ගැන වැඩි අවධානයක් දෙන්නේ නැත්තම් තරහ වෙන්න එපා ඔයාට ඔය ලැබෙන්නේ සැබෑ ආදරයක් නෙවෙයි. මුළු හදවතින්ම අවංකව ආදරය කරනවා වගේම තමයි දෙන්නම කොන්දේසි විරහිතව ආදරය කරන්න ඕන. අනෙකාගේ හැඟීම් ගැන අනිවාර්යෙන් අවධානය දෙන්න ඕනමයි. එයා කැමති අකමැති දේවල් එයා ආස කරන දේවල්, එයාගේ බලාපොරොත්තු ඒ හැම දෙයක් ගැනම ඔයා දැනගෙන ඉන්න ඕන. ඒ විතරක් මදි ඒවාට යහපත් ප්‍රතිචාර දැක්වීම තමන්ට පුළුවන් විදියට ඒවා ඉෂ්ට කරන එකත් වැදගත්.
4. ඔබට අවශ්‍ය ආදරය සෑම අවස්ථාවකම ලබා දිම
සැබෑ ආදරයකදී එයා හැම වෙලාවකදීම ඔයා එයාගෙන් බලාපොරොත්තු වෙන ආදරය රැකවරණය ඔයාට නොඅඩුව ලබා දෙන්න උත්සහ කරනවා. හැම වෙලාවේම ඔයාගේ සතුටට මුල් තැන දෙනවා. එයා ගැන හිතනවට වඩා ඔයා ගැන හිතනවා, හොයල බලනවා, සෑම විටම ඔබට ඇති ආදරය පෙන්වීමට උත්සාහ කරන අතර අඩුපාඩුවක් සිදු උනොත් ඒ ගැනත් සැලකිළිමත් වෙනවා. ඒක අවංක ආදරයක තවත් එක ලක්ෂණයක්.
5. සැක කිරීම
ආදරය කරද්දී දෙන්න තුලම එකිනෙකා ගැන විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා නම් කිසිම වෙලාවක සැකයක් ඇති වෙන්නේ නැහැ. සැකය කියන්නේ වටිනා බැඳීම් වලට තියෙන ලොකුම බාධකයක්. සැකය හරියට පිළිකාවක් වගේ කියනවනේ. දවසින් දවස සැකය පැතිරෙන්න ගත්තොත් ආදර කතා බිඳ වැටෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ඒ නිසා අවංක ආදරයක් කරන දෙන්නෙක් අතර සැකය කියන දේ ඇත්තෙම නැති තරම්. ඒ වෙනුවට දවසින් දවස වර්ධනය වෙන්නේ විශ්වාසය.
අපි ගොඩක් දෙනෙක් කරන්නේ හේතුවක් නැතුව හේතු හිතින් මවාගෙන අනිත් කෙනාව බොරුවට සැක කරන එක. එකෙන් වෙන්නේ දෙන්නා අතර ප්‍රශ්න ඇති වෙන එක. පස්සේ ඒවා දුර දිග යනවා. කලකිරෙන්න ගන්නවා, නිතරම රණ්ඩු වෙනවා, එතනින් මුළු ආදර කතාවම ඉවරයි. ඒ නිසා හේතුවක් නැතිව බොරුවට සැක කරන්න එපා. සැක කරත් අනිත් කෙනාට එයාව සැක කරනවා කියල දැන ගන්න තියන්න එපා. අනිත් දේ තමයි එහෙම හිතෙන විදිහට වැඩ නොකරන්නත් තම තමන් වග බලා ගන්න ඕන. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන එයා එක්ක කතාකරන්න.
6. බලාපොරොත්තු
ආදරය කරන්න පටන් ගනිද්දිම අපි ගොඩක් බලාපොරොත්තු සිහින ගොඩ නගනවනේ. සැබෑ ආදරයකදී නම් දෙන්නා තුලම මේ අපේක්ෂාවන් තියෙන්න ඕන. එක්කෙනෙක් අනාගතේ ගැන හීන මාලිගා තනද්දී අනිත් කෙනාට ඒවා ගැන ගානක් වත් නැත්තන් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ඔයාලා දෙන්නා අතරේ තියෙන්නේ සැබෑ ආදරයක් නම් දෙන්නම ඒ වෙනුවෙන් වෙහෙසෙනවා. ඒවා සාර්ථක කර ගන්න අනිත් කෙනාට සහයෝගය දෙනවා. එයාගේ ලගින්ම ඉදන් උනන්දු කරනවා.
ඉතිං ඔයත් ආදරය කරන විඳින කෙනෙක් නම් ඔයාගේ ආදරේ තුලත් මේ දේවල් තියෙනවද කියල බලන්න. අනිත් කෙනා තුල මේ කියපු දේවල් නැත්තන් ඒක කොහොම ආදරයක්ද කියල තීරණය කරන එක ඔයා අතේ. අනිත් දේ තමයි ඔයා ආදරේට අවංක වෙන්නේ නැතුව කවදාවත් අනිත් කෙනාගෙන් අවංක ආදරයක් බලාපොරොත්තු වෙන්න එපා.
ආදරේ අපිට බොරු කරන්නේ නැහැ, අපියි ආදරේට වංචා කරන්නේ. මේ කිව්ව දේවල් දෙන්නා තුල නැත්නම් ඒක මොන විදිහේ බැදීමක් උනත් වැඩක් නැහැ. හරියට රේල් පීලි දෙකක් වගේ එක මග ගියත් හැමදාමත් දෙන්නා දෙපැත්තේ, කවදාවත් එකතු වීමක් නැහැ. ඒ වගේ තැනක ඔයා කියන සැබෑ ආදරය තියෙන්න විදියක් නැහැ නේද?