මේ වගේ පිරිමියෙක් එක්ක නම් කවදාවත් විවාහ වෙන්න තියා හිතන්න වත් එපා

December 11, 2017
12,317
Don't ever think of marring a man like this
ආදරේ කරනවා වගේ බොළඳ වෙලා ගෙනියන්න පුළුවන් සම්බන්ධයක් නෙවෙයි විවාහය කියන්නේ. එය ඉතා සංකීර්ණයි වගේම හරියාකාර සහකරුවෙක්, සහකාරියක් හමු වුණේ නැත්තන් එය තවත් අමාරු වෙනවා. ඔයාගේ සහකරු තුලත් මේ කියන ලක්ෂණ තියෙනවා නම් ඒ වගේ කෙනෙක් එක්ක පවුල් ජිවිතයක් ගෙනියන එක හරිම අමාරු දෙයක්. විවාහ ජීවිතය රැක ගන්න ඕන නිසා අමාරුවෙන් හරි හැම දේම ඉවසා ගෙන හිටියත් කවදාවත් ඔයාට සතුටින් ජීවිතය ගෙවන්න බැරි වෙයි. ඒ නිසා මේ වගේ ගති ගුණ තියෙන කෙනෙක් නම් කවදාවත් ඔයාගේ සහකරු කර ගන්න හිතන්න එපා.


1. ඉහළ බලපොරොත්තු

ඉහල බලාපොරොත්තු හා අසීමාන්තික විදියට ඔයාගෙන් යම් යම් දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක් කිසිම දවසක කිසිම දෙකින් සෑහීමට පත් වෙන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් වෙනුවෙන් ඔයා මොන තරම් කැප කිරීම් කරත් ඔහුට එය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එහෙම කෙනෙක් එක්ක පවුල් ජිවිතයක් තියා ආදර සම්බන්ධයක් වත් හරියට පවත්වා ගෙන යන්න නැහැ. ඔහු ඇති කර ගන්නා යථාර්ථවාදී නොවන බලාපොරොත්තු ඔයාව පිඬාවට පත් කරවන්න හේතු වෙනවා.

2. විවේචනය

නිතරම ඔහු ඔබව විවේචනය කරන එක, කිසිම වෙලාවක ඔබේ හොඳක් නොදැකීම, කිසිම වෙලාවක ඔබව වර්ණනා නොකිරීම ආත්මාර්ථකාමී පිරිමියෙකුගේ ලක්ෂණ. ඒ වගේ කෙනෙක් එක්ක විවාහ ජිවිතයක් ගෙනියන්න ඔයාට ලොකු සටනක් කරන්න වෙනවා.

3. සැර පරුෂ වචන

නිතරම පරුෂ වචනයෙන් කතා කිරීමේ පුරුද්ද, එහෙම නැත්තන් පොඩි දේටත් කේන්ති අරන් පරුෂ වචනයෙන් බැන වදින කෙනෙක්ට ඔයා කැමතියිද? කිසිම කාන්තාවක් එහෙම කෙනෙකුට කැමති වෙන්නේ නැහැ. සර්ව සම්පුර්ණ මිනිස්සු ලෝකේ කොහෙවත් නැහැ. තේරුම් කරලා දීලා හදා ගන්න පුළුවන් දුර්වලතා නිවැරදි කර ගන්න ඔහුට සහාය වෙන්න. එහෙම කරලත් ඔහුගේ වෙනසක් දකින්න බැරි නම් හොඳම දේ තමයි එවනි අයගෙන් ඈත් වෙන එක. නැත්තම් ජිවිත කාලෙම බැනුම් අහ අහා තමයි ඉන්න වෙන්නේ.

4. එයාටත් හොස්ස ළඟින් මැස්ස යන්න බැරි ද?

සමහර පිරිමි බිරිඳ, පෙම්වතිය බය කර ගන්න හිතාගෙන නිතරම තරහ ස්වභාවයක් පෙන්නනවා. තවත් සමහර අයට ඇත්තටම හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. නිතරම පොඩි පොඩි දේවල් වලටත් කේන්ති ගන්නවා. එහෙම කේන්ති අරන් නිතරම ඔබට බැන වදින එක. නිතරම උස් හඬින් කෑ ගහන එක පවුලේ සමගියට හා දෙදෙනා අතර ඇති ආදරයට, බැඳීමට හානි කරනවා. පවුලක සමගිය බිඳ වැටුනට පස්සේ උදා වෙන තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

5. ඔයාව අනවශ්‍ය විදියට පාලනය කිරීම

ආදරය කරන කාලේ ඉඳලම ගොඩක් ගෑණු ළමයි මුහුණ දෙන තත්ත්වයක් මේක. ඔයා කැමතිද ඔයාගේ නිදහසට අනවශ්‍ය විදියට බාධා කරනවට? ඔයා කැමති ඇඳුමක් අඳින්න බෑ, කැමති තැනක යන්න එන්න බෑ, යාලුවෙක් ආශ්‍රය කරන්න බෑ, ඔයාට තනි තීරණයක් අරන් වැඩ කරන්න බෑ. කිසිම කෙනෙක් කැමති නැහැ ඒ වගේ තත්ත්වයකට පත් වෙන්න. ඒ වගේ දේවල් නිසා පිඬා විඳින්න, දුක් වෙන්න. ඒ නිසා ඔයත් ඒ වගේ සහකරුවෙක් එක්ක විවාහ වෙන්න දෙපාරක් නෙවෙයි ඊට වඩා වාරයක් හොඳින් හිතන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 574 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:36 PM
Script:/article/574/dont-ever-think-of-marring-a-man-like-this.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:37 PM
Script:/article/574/dont-ever-think-of-marring-a-man-like-this.html