අවුරුදු ගානක් ආදරය කරලා වෙන් වෙන්න උනොත් මොකද කරන්නෙන්?

September 6, 2017
10,638
What would you do if you break-up in a long term relationship?
ආදරේ කියන්නේ හැමෝගෙම ජීවිත වල තියෙන සුන්දර බලාපොරොත්තුවක්. ඉතින් මේ ආදරය විවාහයකින් කෙලවර වෙනවා දකින එක තමයි හැමෝගෙම ආසාව. හැබැයි ඉතින් හැමෝටම හිතන විදිහටම මේ බලාපොරොත්තුව ඉටු කරගන්න වෙන්නේ නැහැ. සමහර අයට අවුරුදු ගානක් ආදරේ කරාට පස්සෙත් යම් යම් හේතු නිසා සබඳතාවය නතර කරලා දාන්න සිද්ධවෙනවා. ඊට පස්සේ හිත හදාගන්න එක තමයි ගොඩක් දෙනෙක්ට කරන්න අමාරුම වැඩේ. මොකද මේ අය තමන්ගේ ආදරේ වෙනුවෙන් කැප කරපු දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. කොහොම උනත් අපිට ඇත්තට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ නිසා අද අපි ඔබට කියන්න හිතුවා අවුරුදු ගානක් ආදරේ කරත් සබඳතාවය නතර කරලා දාන්න සිදු වුනොත් ඔබේ හිත හදාගෙන ජීවිතයට මුහුණ දෙන්න වැදගත් වෙන කරුණු කිහිපයක් ගැන.

1. ඔබේ දුක පිටකිරීම සදහා යම් කාලයක් ලබාගන්න

මේ අවස්ථාවේ ඔබේ හිතට දැනෙන වේදනාව ලෙහෙසි පහසු නොවෙන්න පුළුවන්. ඒ නිසා ඔබට දැනෙන හැඟීම් හිරකරගෙන ඉන්නේ නැතුව පිට කරන්න. ඔබට හැඬීමට අවශ්‍ය නම් හඬන්න. තනිවම සිටීමට අවශ්‍ය නම් තනිවම සිටින්න. නමුත් මේ සදහා අනවශ්‍ය කාලයක් ලබාගන්න එපා. ඉක්මනින් ඔබ සාමාන්‍ය තත්වයට පත්වෙන්න ඕනේ නැත්නම් ඔබට ඔබ ගැනම කලකිරීමක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ඇති තරම් කාලයක් මේ සදහා අරගෙන ඉක්මනින්ම සාමාන්‍ය තත්වයට පත්වෙන්න උත්සහ කරන්න.

2. හොදින් ආහාර ලබාගන්න

මේ වගේ වේලාවට ඔබට කෑම ගැන මතක් වෙන්නේ වත් නැති වේවි. හැබැයි ඔබ කැමති ආහාර ආහාරයට ගත්තොත් එය ඔබට යම් සහනයක් ගෙනදේවි ඔබ ඉන්න මානසිකත්වයෙන් මිදෙන්න. නමුත් හොදට මතක තියාගන්න ඔබව තවත් ප්‍රශ්න ගොඩක පටලවන්න පුළුවන් ආහාර නම් ගන්න එපා. මොකද මේ වගේ වේලාවට ඔබ ගන්න සමහර කෙටි ක්ෂණික ආහාර හේතුවක් වෙනවා ඔබේ මානසික පීඩනය වැඩි වෙන්න. ඒ නිසා හොඳ දේවල් වැඩිපුර ආහාරයට ගන්න.

3. ඔබේ සතුටට හේතුවෙන පුංචි පුංචි දේවල් කරන්න

මේ වගේ වෙලාවට හැම දෙයක්ම නැතිවෙලා කියලා ඔබට දැනෙන එක සාමාන්‍ය දෙයක්. මොකද ඔබ මෙච්චර කාලයක් හැම දෙයක්ම වගේ කලේ ඔහුත් එක්ක එකතු වෙලා. දැන් ඔබට හැම දෙයක්ම වගේ තනියම කරගන්න කරන්න සිදු වෙලා. හැබැයි එහෙම උනා කියලා කලබල වෙන්න එපා ඔබට තනියම කරන්න පුළුවන් දේවල් තනියම කරන්න උත්සහ කරන්න. එතකොට ඔබට තේරෙයි ඒ දේවල් තනියම උනත් කරගන්න පුළුවන්කම ඔබට තියෙනවා කියලා. මේ නිසා ඔබේ සතුට වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කරන්න.

4. හොඳින් නිදාගන්න

මේ වගේ වෙලාවක නිදාගන්න එක කොච්චර අමාරු දෙයක් උනත් පුළුවන් තරම් උත්සහ කරන්න හොඳ නින්දක් ලබාගන්න. මොකද ඔබ ලබාගන්න නින්ද ඔබට උදවු වෙනවා ඔබට දැනෙන මානසික පීඩාව අඩුකර ගන්න. ඒ වගේම එය ඔබට දැනෙන වෙහෙසත් අඩු කරාවි.

5. ඔබේ විනෝදාංශ වලට නැවත යොමුවෙන්න

කල්පනා කරලා බලන්න ඔබ මේ සබදතාවය පටන්ගන්න කලින් අසාවෙන් කරපු දේවල්. සමහර විට මේ සබදතාවය නිසා ඔබට ඒ දේවල් මඟ ඇරිලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ දේවල් මතක් කරලා නැවත ඒ දේවල් කරන්න උත්සහ කරන්න.

6. ඔබට ඔහුව මතක් කරන දේවල් වලින් ඈත් වෙන්න

ඔහු ඔබෙන් ඈත් උනාට පස්සේ ඔහුට අයිති දේවල් ඔබ ළඟ තියාගෙන ඔහුව මතක් කර කර ඉන්න ගියොත් නම් ඔබට කවදාවත්ම මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න හම්බවෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට අයිති දේවල් අයින් කරලා ඔහුව අමතක කරන්න උත්සහ කරන්න.

7. ඔහුත් එක්ක තියෙන හැම සබදතවයක්ම ඉවත් කරන්න

ඔබ තව දුරටත් ඔහුත් සමඟ කතා බහ කරනවා කියන්නේ ඔබට ඔහුව ඔබේ හිතින් ඉවත්කරගන්න අපහසු වෙනවා. ඒ නිසා ඔහුත් එක්ක තියන සබඳතා හැකි තරම් ඉවත්කර ගන්න උත්සහ කරන්න. එවිට ඔබට පුළුවන් ඉක්මනින්ම ප්‍රශ්න විසඳගෙන ජීවිතේට මුහුණ දෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 403 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:36:34 AM
Script:/article/403/what-would-you-do-if-you-break-up-in-a-long-term-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:36:34 AM
Script:/article/403/what-would-you-do-if-you-break-up-in-a-long-term-relationship.html