වයස 20 ගණන් වලදී මේ හැම දේම කරන්න - 02

October 15, 2017
10,941
Do all of these when you are in your twenties - 02
ඔබේ තරුණ වයස වැදගත් වෙන්නේ ඔබට. ඉතින් තමන්ගේ අවුරුදු විසි ගණන් වල හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම කල යුතු කාරණා කිහිපයක් ගැන අපි මීට ඉහතදීත් ඔබත් එක්ක කතා කළා. ඒ වගේම මේ කරුණු ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්න තරුණ ඔබට පුළුවන් නම්, ඔබේ තරුණ කාලය මෙන්ම මහලු කාලයත් හොඳින් ගත කරන්න ඔබට පුළුවන් කම ලැබෙනවා.

රිනාත්මක දේවල් වලට ඔබගේ කාලය නාස්ති කරන්න එපා

ඔබේ පවුල, සමාජ සම්බන්ධතා, රැකියාව මේ හැම දේකම වැඩිම වටිනාකම තියෙන්නේ ඔබට. මේ හැම තැනකම ඕක හරියන්නේ නෑ, අරක හොඳ නෑ, මේක නරකයි කියලා ඔබගේ හැකියා දක්ෂතා අඩු කරලා ඔබව මොට කරන්න උත්සාහ කරන රිනාත්මක අදහස් තියෙන මිනිස්සු ඉන්නවා. මේ අයගෙන් පුළුවන් තරම් ඈත් වෙලා කාලය ගත කරන. ඒක ඔබේ මුළු ජිවිතයටම වැදගත් වේවි.

පිස්සු වැඩ කරන්න

ඔබ මේ ලබා තිබෙන ජීවිතය නැවතත් ඔබ සතු වෙන්නේ නෑ. එන්න එන්නම ඔබ වයසට යනකොට එක එක අත්දැකීම් වලට ඔබ වයස වැඩියි කියලා ඔබටම හිතෙන්න පුළුවන්. ඒක නිසා, මුළු ලෝකයම ක්‍රීඩා පිටියක් කියලා හිතලා වැඩ කරන්න. පුළුවන් කාලයේ අලුත් දේවල් සොයා යන්න. පොඩි පිස්සුවක් නැටුවට කමක් නෑ. වයසට ගිහාම හිනා වෙන්න දෙයක් ඔබ එකතු කරගන්නවා එවිට.

ඔබට ගැලපෙන ජීවිතය තෝරා ගන්න

ඔබේ යාළුවන් කරන දේවල් වත්, ඔබේ පවුලේ අය ඔබ කරන්න ඕනේ මෙන්න මේවයි කියන දේත් නෙමෙයි. ඔබට ගැලපෙන්නේ මෙන්න මේ විදිහේ ජීවිතයක්, ඔබේ ජීවිතය පවත්වාගත යුත්තේ මේ විදිහටයි කියලා කාටවත් කියන්න බෑ .ඔබමයි එය තෝරා ගත යුත්තේ. වෙලාව අරගෙන තමන්ට ගැලපෙන ජීවිතය තෝරා ගන්න. හැමෝටම 9-5 රැකියාවකට තමන්ව හිර කරගන්න බැරි වෙන්න පුළුවන්. මේ ලෝකයේ ඕනා තරම් අවස්ථාවන් තියෙනවා කියන එක ඔබ හඳුනාගන්න ඕනේ.

ඔබගේ හැඟීම් මුදා හරින්න

ඔබට වැදගත්ම පුද්ගලයා ඔබයි. කාලයක් තිස්සේ ඔබට වද දෙන යම් හැඟීමක්
තියෙනවා නම්, එය මුදා හරින්න. විශේෂයෙන්, ඔබ සම්බන්ධතාවයකින් පැරදුනා නම්, ඔබේ සිත රිද්ද ගත්තා නම්, ඒ රිදීම ඔබේ මුලු අනාගතයම අඳුරු කරගන්න හේතුවක් කර ගන්න එපා. රිදුනු, බිඳුණු සිතුවිලි ඔබේ හිතින් අයින් කරලා දාන්න. අනාගතයට හරි විදිහට මුහුණ දෙන්න.

තරුණ බව විඳින්න

කලින් කිව්වා වගේම ගිය කාලය ආපහු එන්නේ නැති නිසා, ඔබ ඔබේ තරුණ බව හොඳින් විඳින්න. ජිවිතයට වැදගත් හැම පියවරක් ම විසි ගණන් වලදී ගන්න ඕනේ වගේම තමයි, හැබැයි ඒ දෙවල් උවමනාවට වඩා ඔලුවට අරගෙන ජිවිතේ සීරියස් කරගන්න යන්න එපා. කසාද බඳින්න, ළමයි හදන්න විසි ගණන් වල මුල් කාලයේදී ඉක්මන් වෙන්න එපා කියලයි කියන්නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-29 00:00:00' and A.id <> 454 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, July 30, 2025 at 6:39:09 PM
Script:/article/454/do-all-of-these-when-you-are-in-your-twenties-02.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, July 30, 2025 at 6:39:09 PM
Script:/article/454/do-all-of-these-when-you-are-in-your-twenties-02.html